අසූ දෙවන දිගහැරුම

4.2K 489 253
                                    

යතුර තියලා එන්න හැරුනු මම පැත්තෙ බිත්තියෙ දැක්ක දේ එක්ක ඔළුව උඩ අකුණක් පුපුරනවා වගේ දැනුනෙ මගෙ මගෙ කකුල් පවා පණ නැති වෙද්දි.

මේ.. ෆොටෝ. දෙයියනේ!

ඒක හරියටම බිත්තියෙන් භාගයක් වහගෙන තිබුණු නෝටිස් බෝඩ් එකක් වගේ වෙද්දි පොඩි පොඩි පින්ස් වලින් ඒකෙ ලොකූගෙ, චූටිගෙ, තාත්තගෙ, මගෙ වගේම අභීන්ගෙත් ෆොටෝ කෑලි ගොඩාක් අමුණලා තිබ්බෙ එකම එක ෆොටෝ එකක් විතරක් අනිත් පැත්තට අමුණලා තියෙද්දි.

දෙයියනේ මේ මොනවද.

අනිත් අයගෙ තිබුණෙ එක ෆොටෝ එකක් විතරක් වෙද්දි අභීන්ගෙ වගේම මගෙ ෆොටෝ ගොඩාක් තිබුණෙ ඒ හැම එකකම මම අභීන්ගෙ අතේ එල්ලිලා ඉද්දි. එයාගෙ අපාර්ට්මන්ට් එකේ, කැම්පස් එක ඉස්සරහ, ගමේ පවා අපි දෙන්නගෙ ෆොටෝ තිබුණෙ මම වේගෙන් ගැහෙන පපුව එක්ක හිමින් ඒ පැත්තට අඩිය තියද්දි.

ශෙනාල්ගෙ අයියා මොකටද මේවා තියාගෙන ඉන්නෙ. අපේ ෆොටෝස්.

එදා මම දැක්ක අභීන්ගෙ බයික් එකේ ඇක්සිඩන්ට් උන ෆොටෝස් වගේම අර අභීන්ගෙ ෆෝන් එකෙන් සෝෂල් මීඩියා වලට දාලා තිබුණු අපි දෙන්නගෙ ෆොටෝසුත් තිබුණෙ රතු පාට ප්ලැටිග්නම් එකකින් ඒවා උඩ මොනවද මාර්ක් කරලා කතිර ඇඳලා තියෙද්දි. ඒ වගේම පැත්තකින් තවත් CCTV ෆොටෝස් වගේකුත් තිබ්බෙ මට එක පාරට මොකුත්ම හිතාගන්න බැරි වෙද්දි.

පපුව නවත්තගන්න බැරි වේගෙකින් ගැහෙද්දි මම ගැහෙන අත ඒ ෆොටෝ ගොඩේ කණපිට හරවලා තිබුණු ෆොටෝ එක බලන්න අත දික් කරනවත් එක්කම සද්දෙන් කාමරේ දොර වැහිලා ගියේ ගැස්සුනු මම අනිත් පැත්ත හැරෙද්දි.

ශෙනාල්ගෙ අයියා!

ශෙනාල්ගෙ අයියා දොර ළඟ ඉඳන් කට කොනක හිනාවක් එක්ක මගෙ දිහා බලාගෙන කාමරේ දොර ඇතුළෙන් ලොක් කරේ හිමින් මගෙ පැත්තට අඩිය තියන ගමන්.

හරියටම ඒ මූණෙ තිබුණු බැල්ම.. මම දැනගන්න ඕනෙ නැති දෙයක් දැක්කා කියන්න වගේ.

බය වෙලා හිටිය මම ඇස් වලින් පුළුවන් තරම් බය නොපෙන්වා ඒ මූණ දිහාම බලාගෙන හිටියෙ මූණෙ හැඟීම් කියවන්න උත්සහ කරන ගමන්. පපුව වේගෙන් උඩ පහළ යද්දි ශෙනාල්ගෙ අයියා අන්තිම අඩියත් මගෙ ළඟට තිබ්බෙ තවත් පිටිපස්සට යන්න බැරි මම බිත්තියට ඇලෙද්දි. ඊළඟ තත්පරේ පපුවට අත් දෙකම බැඳගෙන මගෙ මූණ ළඟට පහත් උන ශෙනාල්ගෙ අයියා ඇහිබැමක් ඉස්සුවෙ ඒ මූණෙ හුස්ම මගෙ මූණට වැදෙන නිසා මම මූණ එහාට කරගනිද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now