" අභියා."
" අභියා."
හාදුවෙ ගිලිලා හිටිය අපි දෙන්නා ඈත් උනේ කාමරේ උළුවස්ස ළඟින් ඇහෙන නෙහාන් අයියගෙ කටහඬට වෙද්දි මම අභීන්ගෙ පපුවෙ ඔළුව ගහගත්තෙ අභීන් නෙහාන් අයියට කෑ ගහද්දි.
" කියපන්."
" මේ දොළක් තියෙනවලු ශෙනාල්ට ඒකෙන් නාන්න යන්න ඕනලු. ඩිස්නිලත් ආවා. දුශේන් අයියත් කියනවා යමුලු. උඹ එනවද? අතත් එක්ක හැබැයි.."
නෙහාන් අයියා අහද්දි අභීන්ගෙ පපුවෙන් ඔළුව ඉස්සුව මම එපා කියන්න ඔළුව වැනුවෙ අභීන් මගෙ දිහා ඇස් හීනි කරලා බලද්දි.
" ඇයි?"
" එපා. හොඳ උනා විතරයිනෙ අභීන්. ඔය දොළවල් වලින් හවස් වෙලා නාලා අසනීපයක්වත් හැදුනොත්."
මම කියද්දි මම කිව්ව එක නෙහාන් අයියට ඇහිලා තිබුණෙ නෙහාන් අයියා ආපහු හැරිලා යද්දි.
" ඔව්. ඔව්. උඹ ඉඳපන් අපි ගිහින් එන්නම්."
" අනේ මිහී."
" අනේ මිහී නෙවෙයි. ඕනෙ නෑ."
අභීන් කුරු කුරු ගාද්දි මම රවාගත්තෙ සැර කරන ගමන්.
" ඒ වතුර සීතලයිනෙ මිහී. රස්නෙට බැහැලා ඉන්න මරු."
" අපේ ළිඳෙත් වතුර සීතලයි. ඒකෙ ඔබලා ගන්නම්."
එයා කියද්දි මම උත්තර දුන්නෙ අතත් එක්ක එයාට වතුර අදින්න බැරි නිසා මම වතුර ඇදලා නාවන්න හිතාගෙන.
" මන් පොඩි එකෙක් නෙවෙයි බන් අසනීප වෙන්න."
" ඒකට කමක් නෑ. දවස් හතරක්ම ඉන්නවනෙ දවල් වෙලාවක එක්කන් යන්නම්. ආයි හුම්ම් කිව්වොත් කට තලනවා මම."
අභීන්ගෙ යටිතොල මිරිකන ගමන් මම රවාගෙන කිව්වෙ මේසෙ උඩින් බිමට පනින ගමන්.
කිව්වම එක පාරක් අහන්න බෑනෙ මේ මනුස්සයට. අඬලා ඉන්න ළමයව කේන්ති ගස්සන එකමයි වැඩේ.
" මන් දවස් පහක් ඉන්නවා."
කාමරෙන් එළියට යන්න ගිය මගෙ බඳ වටේ අතක් දාලා එයාගෙ ළඟට ඇදලා ගත්ත අභීන් කියද්දි මම පුදුමෙන් එයාගෙ පැත්ත හැරුනෙ ඇත්තද කියලා හිතාගන්න බැරුව.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fiksi Penggemar𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...