තෙවන දිගහැරුම

5.7K 624 97
                                    

Nihinsa's pov,

අදත් උදේ පාන්දර අර පොල් පටවපු බස් ලඩියෙ නැගලා කැම්පස් එකට ආවෙ පතාගෙන ආව පාප මිත්‍රයාට කුණුහරුප බාල්දි පිටින් හලන ගමන්. දවසම කැම්පස් එකට ගෙවිලා යද්දි හවස මම ලෑස්ති උනේ කලින් දවසෙ දමිත් කිව්ව පාර්ට් ටයිම් ජොබ් එක ගැන බලන්න.
හොටෙල් එකක තමයි වැඩ කරන්න තියෙන්නෙ. කලින්ට වඩා හොඳ සැලරි එකක් හම්බවෙන නිසා වගේම කලින් තැනත් දැන් ඉස්සර වගේ වැඩ කරන්න බැරි වෙනවා කියලා දැනෙද්දි මහන්සි උනත් කමක් නෑ කියලා අළුත් ජොබ් එකට යන්න ලෑස්ති උනා.

" උඹ දැන් අද යනවද අරකට."

පරම පිවිතුරු ප්‍රේමෙන් මගෙ පාප මිත්‍රයා ශෙනාල් අහද්දි මම උත්තර දුන්නෙ බෑග් එක ලෑස්ති කරන ගමන්.

" ඔව්.ඔව් යකෝ. මම උඹට දැන් කී පාරක් කිව්වද?"

මූ සැරෙන් සැරේ ඒ බන් උඹ අද අතන වැඩට යනවද කිය කිය දවසට සිය පාරක් විතර ඇහුවෙ ඒ හැම පාරම මම ඌට සුද්ධ සිංහලෙන් අමතද්දි. සමහරවිට මූට සිංහලෙන් කිව්වම තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ. බැලුවම නම් මූ ලැයිමකින් අහුලගෙන වගේ පෙනුනට මන් හිතුවෙ නෑ මූ දෙමළ කියලා. මම දෙමළ දන්නෙත් නෑ. දන්නෙත් හරිම ස්වල්ප ප්‍රමාණයයි.

" උඹ දැන් එන වෙලාවක් කියන්නත් බැරිද?"

ඒ අනිත් ප්‍රශ්නෙ. මූට යකෝ අද දවසටම තිබ්බ ප්‍රශ්න දෙක මේක විතරයිනෙ.

" උඹට සිංහල තෙරියමා?"

ආච්චිගෙ කාලෙ ඉඳන් පාවිච්චි කරන දෙමළ වචනයක් කියලා මම අහද්දි ශෙනාලයා මන් දිහා බලන් ඉන්නෙ හෙණ ගහලා වගේ.

" උඹ ගුලි කෑවද බන්."

ඌ අනිත් පැත්තට අහද්දි මම උගෙ ඔළුවට ශොට් එකක් දුන්නෙ ලෙක්චර් හෝල් එකෙන් නැගිටලා එන ගමන්.

" ගුලි නෙවෙයි. කියන්නෑ මන් තොට කාපු එක."

ඌටත් බැන බැනම මම කැම්පස් එකෙන් එළියට ආවෙ පළවෙනි දවසෙම පරක්කු වෙන්න බැරි නිසා.

" මන් යනවා. එන වෙලාවක් කියන්න බැරි වෙයි. උඹත් සුදාම්මිලා ටෝක් කර කර ඉන්නෙ නැතුව ගෙදර පලයන්. නැත්තන් මට කවදාහරි උඹව හොයාගන්න වෙන්නෙ චීත්ත ගොඩක් අස්සෙන්."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now