විසි හයවන දිගහැරුම

4.6K 643 145
                                    

කැම්පස් නිවාඩු නිසා පහුවදා උදේම මම හොටෙල් එකට යන්න ලැහැස්ති උනේ ශෙනාලයත් එළියට යන්න ඕනෙ කියලා උදේම මගෙ ඇඟේ එල්ලිලා එද්දි. මම ඌ එක්කම බස් එකට නැග්ගෙ ටික වෙලාවකින් මට එහා පැත්තෙ නැගිටලා ඉන්න ශෙනාලයා මගෙ ඉනට වැලමිටෙන් අනිද්දි. මනෝපාරක් ගහගෙන හිටිය මාව එක පාරට උන දේ එක්ක උඩ විසි වුණේ මම ඌට දෙකක් දීගන්න බැරුව බනිද්දි.

" මොකද බල්ලො. එක පාරට අනින්න එපා යකො. කියලා ඇනපන්."

මම ඌට කුටු කුටු ගගා බැන්නෙ ඌ මට ඇස් වලින් මොකක් හරි පෙන්නද්දි. විශේෂ මොකක්වත් පේන්න නැති හින්දා මමත් ඇස් වලින් මොකද්ද කියලා ඇහුවෙ මූ මගෙ කනට ළං වෙද්දි.

" අර ගැරඬි දෙන්නෙක් වගේ වෙලිලා ඉන්නෙ මොකාද බලපන්."

අපි දෙන්නම පිටුපාලා ඉන්න කපල් එකක් පෙන්නන ගමන් ශෙනාලයා කියද්දි මම හෙමින් ඔළුව හැරවුවෙ මූ මේ කියන්නෙ මොකා ගැනද කියලා දැනගන්න.

" අම්මටහුඩු රවිඳුවා නේද යකෝ."

මූ සෙට් එකේ එකට ඉන්නෙ බොක්කෙ තියෙන ඒවත් දෙන්නම් වගේ. කෑල්ලක් සෙට් කරගන නේද. නිකන්වත් කිව්වෙ නෑ.

" ඒක තමයි යකෝ. ෆොටෝ එකක් ගහගනින්. මූ අපිට පාර්ටි නොදී බේරෙන්න හදන්නෙ ඔය."

" ඒ උනාට එහෙම හොඳද බන්."

මම ඇහුවෙ මුන් දෙන්නා මේ ඉන්න විදිහට වනජීවි එකෙන් ෆොටෝ එක දැක්කොත් ගැරඬි දෙන්නෙක් කියලා අරන් යන හින්දා.

" අනේ බණ කියන්නැතුව ඉඳපන්. පාර්ටියක් ඉල්ලන්නත් සාක්ෂි තියෙන්න එපැයි යකෝ."

මට බැන බැනම ශෙනාල් උන් දෙන්නව ෆොටෝ එකක් අරන් ෆෝන් එකට සාක්කුවට දාගත්තා.

" බලපන් නිකන්වත් කිව්වෙ නෑ ගස් නරියා. හරිනම් මේක අරගෙන කැම්පස් එකේ නෝටිස් බෝඩ් එකේ අලවන්න ඕනෙ. හඳුනා නොගත් ගැරඬි විශේෂයක් කියලා. නැත්තන් අන්තරායට ලක් විය හැකි වගේ කැප්ෂන් එකක් දැම්මත් අවුලක් නෑ."

ශෙනාලයගෙ බැනිල්ලෙ ඉවරයක් නැති වෙද්දි මම ඌට කතා කරේ උගෙ කනට ළං වෙලා.

" ශෙනාල්. උඹට හිතෙන්නෙ නැද්ද අපි දෙන්නට කෑල්ලක්වත් සෙට් වෙන්නෙ නැතුව තාම වේලි වේලි ඉන්නෙ දෙන්නත් එක්ක එකතු වෙලා මේ කපල් වලට කරන ඒවට කියලා."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now