" මෙතන තීරණ ගන්නෙ කවුද නැත්තෙ කවුද කියන එක මම හොඳ...ට දන්නවා. ඒ වගේම මෙතන තව දුරටත් වැඩ කරන්න ඕනෙ කවුද නැත්තෙ කවුද කියන එකත් මම හොඳ...ට දන්නවා. ම්ම්ම්. අර ගමේ ගෙදර ඉන්න අක්කවයි නංගිවයි බලාගන්න අමාරු නම් මට කියන්න. මට පුළුවන්.. උදව්වක් කරලා දෙන්න. මොකද සල්ලිත් අඩුපාඩු ඇතිනෙ නේද ම්ම්ම්."
තාමත් මේසෙ පැත්තට බර වෙලා ඉන්න මගෙ කනට ළං වෙලා අන්තිමට කිව්ව දේත් එක්ක හිතට ආව කේන්තිය පාලනය කරගන්න බැරි උන මම දත්මිටි කාගෙන ඒ ෂර්ට් එකේ කොලර් එකෙන් ගුලි කරලා අල්ලගත්තෙ කේන්තිය වගේම අක්කයි නංගියි ගැන කියාගන්න නොතේරෙන බයක් එක්ක මගෙ ඇස් වලට කඳුළු පිරෙද්දි.
සල්ලිකාරයො. මුන් දන්නෙ ජීවිත එක්ක සෙල්ලන් කරන්න විතරයි.
එක විනාඩියක් ඒ ෂර්ට් එකේ කොලර් එක අල්ලන් ඉන්න බැරි උන මගෙ අත එයා අනිත් පැත්තට අඹරලා ගත්තෙ මාව ඒ පපුවෙ වදින්න ළඟට ගන්න ගමන්. ඒ රතුවෙලා තියෙන ඇස් දිහා බලන්න බැරි උනත් බය නොපෙන්වා මම ඒ ඇස් දිහාම බලාගෙන හිටියෙ තාමත් කේන්තිය නිසා මට වචනයක් කතා කරගන්න බැරි වෙද්දි.
"එක පාරක් දෙපාරක් ඉවසුවට කොලර් එකෙන් අල්ලලාත් මම ඉවසයි කියලා හිතනවා නම් උඹ තාම හරියට මේ අභීන් ලියේල් වීරවංශ ගැන දන්නෙ නෑ. බලාගෙන හිටපන්. ළඟදිම පසුතැවෙන්න වෙයි."
අනිත් පැත්තට අඹරපු මගෙ අත තව ටිකක් අඹරපු අභීන් මාව තල්ලු කරලා දාලා වේගෙන් එතනින් යද්දි මම එතන මේසෙකට හේත්තු උනේ මුළු ෆ්ලෝ එකේම අය මගෙ දිහා බලාගෙන ඉද්දි. ඇස් වලට පිරුණු කඳුළු කම්මුල් දිගේ පහළට ගලන්න පොරකද්දි කඳුළු නවත්තගත්ත මම වොශ්රූම් එකට දුවගෙන ආවෙ මම කරේ මෝඩ වැඩක්ද කියලා හිතෙද්දි.
මේ ලෝකෙ මගෙ එකම දුර්වලකම ගමේ තනිවෙලා ඉන්න අක්කයි නංගියි වෙද්දි අභීන්ගෙ වචන එක්ක මහ අමුතු බයක් පපුවට දැනුනෙ මම මූණ අත් දෙකෙන්ම පිහදාගනිද්දි.
සල්ලිකාරයන්ට කරන්න බැරි දෙයක් තියෙනවද. මගෙ මෝඩ වැඩ හින්දා ඒ දෙන්නට කරදරයක් උනොත් කවුද ඉන්නෙ. තාත්තා දවස තිස්සෙ බීලා බීලා රෑටවත් ගෙදර එන්නෙ නැතුව කොහෙ හරි වැටිලා ඉන්නවා. මන් කරන මෝඩ වැඩ වලින් ඒ දෙන්නට කරදරයක් උනොත් මම මට සමාව දෙන්නෙ කොහොමද? මට මෙතනින් අයින් වෙලා යන්නත් හිතෙනවා. ප්රශ්න තිබුණා උනත් පරණ පුරුදු තැන වැඩට යන්න තරම් අසරණ කමක් හිතට දැනෙනවා.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...