අසූ හත්වන දිගහැරුම

4.7K 482 160
                                    

" ඔතනින්ම බ්‍රේක් ගහපන් කුඩු මහත්තයා. මට බෑ ශෙනාලයට වෙඩින් කේක් එකක් අරන් දෙන්න."

එයාගෙ උරහිස් වල එල්ලිලා ඉඳිය මම කෑ ගහද්දි අභීන් මගෙ ඇඟ උඩින් අයින් උනේ මට එහා පැත්තෙන් වැතිරෙන ගමන්. මම හිමින් එයාගෙ පැත්ත හැරිලා ඒ පපුව උඩින් ඔළුව තියාගත්තෙ අභීන් අපි දෙන්නවම වැහෙන්න බෙඩ් ශීට් එක දාද්දි.

" තමුසෙගෙන් සල්ලි යන්නෙ නෑ මම අරන් දෙන්නම්."

" ආ..හරි ලස්සන කතාව කුඩු මහත්තයා මොකද දැන් අර තියාගෙන හිටිය ප්‍රතිපත්ති ටික ඉවරද. මගෙ පතිවතට වැඩේ දෙන්න හදන්නෙ."

මම ඒ පපුවෙන් ඔළුව උස්සලා කෑ ගහද්දි අභීන් හිනාවෙලා මගෙ යටිතොල දත්වලට අල්ලගත්තෙ මම එයාව එහාට තල්ලු කරද්දි.

" උඹව අවුස්සලා ගන්න ආතල් එක කුළු මී හරකෙක් අවුස්සලවත් ගන්න බෑ බන්."

" තවුසෙ මටද දැන් කුළු මී හරකා කියන්නෙ. හහ්! හරි. හරි. තවුසෙ කොහොමත් නීල කොබෙයියනෙ."

අභීන් කිව්ව එකට බැන බැනම මම තව ටිකක් ඒ පපුව අස්සට රිංගුවෙ එයා මාව තද කරලා තුරුළු කරගනිද්දි.

" පිස්සු මැන්ටලේ."

එයා මුමුණද්දි මම ඒ පපුවට හාදුවක් තිබ්බෙ කතා කරන ගමන්.

" වොශ් එකක් දාගන්න අභී. කොහෙද ආව ගමන් මදන යකා ගැහුවනෙ."

" උඹ තමයි කෙඳිරි ගගා අවුස්සන්නෙ."

අභීන් මගෙ කම්මුලකට හාදුවක් තියන ගමන් ඇඳෙන් නැගිටලා ටවල් එක ඉනේ ඔතාගත්තෙ බෙඩ් ශීට් එකට ගුලි වෙලා හිටිය මාවත් උස්සගෙන බාත්රූම් එකට යන ගමන්.

අපේ මිනියත් කියන්නෙ මරු කතා. කෙඳිරි ගාන්නෙ නැතුව සින්ඳු කියන්නද යකෝව්. හිටපන්කො. අනිත් දවසෙ DJ එකක් දානවා. හැයි යකෝ.

.

.

" අභී."

" ම්ම්ම්."

මම වතුර එකක් උණුවෙන්න තියද්දි පැන්ට්‍රිය උඩ වාඩි වෙලා පිටි බෝතලේ කන අපේ මිනියට මම කතා කරේ පිටි කටේ පුරවගෙන අභීන් බස්සෙක් වගේ හූමිටි තියද්දි.

" ඕක පැත්තකින් තියපන් මිනියො. තාම ගෙනල්ලා දවස් දෙකක් නෑ. නිකන්ම කාලා මේක ඉවරයි. තවුසෙට ඔය ගමන කිරි පණුගාය හැදෙනවා."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now