මහ රෑ ආවෙ මොන පාරෙන්ද කියලාවත් මට පේන්න නැති වෙද්දි වාහනේ නවත්තපු නිසා කල්පනා කර කරම ආව මම ඔළුව උස්සලා වටපිට බැලුවෙ ලොකු බිල්ඩින් එකක් ළඟ වාහනේ නවත්තලා තියෙද්දි.
කොහෙද මේ.
" බැහැපන්."
ශෙනාල් මටත් කියන ගමන් වාහනෙන් බහිද්දි මම වටපිට බැලුවෙ කාර්නිවල් එකක් තියා ලයිට් එළියක්වත් පේන්න නැති වෙද්දි.
මූ කාර්නිවල් කියලා මාව මරන්නවත් එක්ක ආවද.
" මන් කෝල් එකක් දෙන්නම්."
ශෙනාල් අයියවත් පිටත් කරලා යවද්දි මම ශෙනාල්ගෙ පැත්තට හැරුනෙ මේක අපාර්ට්මන්ට් තියෙන ෆ්ලැට් එකක් නිසා.
" කොහෙද බන් මේ."
" කට වහන් වරෙන් යන්න. උඹව මස් කඩේට දෙන්න එක්කන් ආවෙ. හිටියත් වැඩක් තියෙන එකක්ද?"
මූට මම නිකන්ද පාප මිත්‍රයා කියන්නෙ. ඔය කිව්වා වගේ මූ ඕක කරන්නත් බැරි නෑ. ටිපි ටිප් එක ගන්න සල්ලි මදි උනා කියලා මූ මාව මස් කඩේට දීලා කීයක් හරි ඉල්ලගනියි. ඒ තරම් එකා.
මූ ඔක්කොම දන්නවා වගේ මටත් ඉස්සර වෙලා ගිහින් ලිෆ්ට් එකට නැග්ගෙ කොහෙ යනවද කියලා කොච්චර ඇහුවත් ශෙනාල් මොකුත්ම කියන්නෙ නැති වෙද්දි.
මිනියත් රට ගිහින්. මේක අස්සෙ මාව මරා දැම්මොත් කාට කියන්නද. මොන තරම් ජාතික අපරාධයක්ද දෙයියනේ.
" සිරාවටම අපි කාර්නිවල් නෙවෙයිද බන් ආවෙ?"
මම ශෙනාල්ගෙන් අහද්දි ශෙනාල් මොකුත් නොකියා ලිෆ්ට් එකෙන් එළියට ගිහින් අපාර්ට්මන්ට් එකක් ඉස්සරහ නැවතිලා බෙල් එක ගැහුවෙ මාව උඩ යද්දි.
යකෝ. මූ මේ මහ රෑ මාවත් එක්කගෙන ගෙයක් බිඳින්නවත් ආවද. හොරකමේ ආවා නම් බෙල් එක ගහන්නෙ නෑ හැබැයි. එක්කො ෂුවර් එකටම මූ හොරකම් කරන්න දන්නෙ නෑ.
ඇතුළෙන් දොර ඇරෙද්දි ශෙනාල් ඉස්සර වෙලා ඇතුළට ගියේ මගෙ අතිනුත් ඇදගෙන වෙද්දි ඇතුළෙ හිටිය කට්ටියව දැක්ක මගෙ කටත් ඇරුනෙ රට යන ගමන් ෆ්ලයිට් එකේ කිව්ව එකත් ඒක අස්සෙ ඉන්නවා පෙනෙද්දි.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...