පනස් හතරවන දිගහැරුම

4.7K 543 136
                                    

" අභීන් මගෙ වෙහිකල් එක හදන්න ගොඩක් කල් යයිද?"

" එච්චර ලොකු ඩැමේජ් එකක් නෑ ඩිස්නි. මම හිතන්නෙ දවස් දෙක තුනකින් ගන්න පුළුවන් වෙයි."

ආ.. මේ අර ඩිස්ටි ඩිඩින්ද? බලපල්ලකො පැසෙන්ජර් සීට් එකේ පුප තියාගෙන යන අපූරුව. අභීන්ගෙ ප්‍රියම්භිකාව කියලා වෙන්න ඇති හිතන් ඉන්නෙ. ඔව් මට මගේ දිවියඥානයට පෙනී යනවා මෙයා ඉස්සරහට විශාල කරදරයක් වෙන බව.

" ඔන්න බලපන්. ඉස්සරහට හැමදාම මෙයාගෙ වාහෙනේ බ්‍රේක් ඩවුන් වෙයි."

ශෙනාල් මට වැලමිටෙන් ඇනලා කියද්දි මමත් ඔව් කියන්න ඔළුව උඩ පහළ කරේ අභීන්ගෙ ඇඟේ එල්ලි එල්ලි කතා කරන කටු මැස්සි දිහා බලාගෙන.

ශෙනාලයට තේරෙන එක මේ ගොන් මිනියට තේරෙන්නෙ නෑනෙ. හිටපන්කො.

" ඩෑඩ් කියනවා ඔයා එක්ක එකතු වෙලා බිස්නස් එක ගැන බලන්න කියලා අභීන්. අයියත් වෙනම ෆීල්ඩ් එකක යන හින්දා ඩැඩීගෙ ඔක්කොම බලන්න වෙන්නෙ මට."

අපෙ අප්පුච්චේ.. හරිම පොස් කෑල්ලක් නොවෑ. ඩෑඩ්. අනෙ අම්මගෙ රෙද්ද. පොස් කෑල්ල ගහගනින් උඹෙ-

" ම්ම්ම්. ඒක හොඳයි."

අභීන් කියද්දි මම හිටියෙ ඔක්කොම හොඳට අහගෙන.

ඔව්. ඔව් හොඳයි තමයි. උබර්ට නම් ඒවා හඳේ තමයි පුතෝ. මන් මැරිච්ච දවසක කරගනින්. නැත්තන් මම උබර්ගෙත් හතරමං හන්දි කඩලා තුන්මං හන්දියක අතරමං කරනවා දැන ගනින් අභීන්.

දැන් බිස්නස් බලන්න කිය කිය හොටෙල් එක අස්සෙත් රිංගයිද දන්නෙ නෑ.

එක විදිහකට වාඩි වෙලාවත් ඉන්න බැරි පුපේ කිරි පණුවොද. පණුච්චි. එහෙට ඇඹරෙනෝ මෙහෙට ඇඹරෙනෝ.. ඉවරයක් නෑනෙ යකෝ. පුපට යටින් මිරිස් කරල් දෙක තුනක් තිබ්බා නම් ගලේ අඹරන්නෙ නැතුවම කොච්චි පේස්ට් එකක් හදාගන්න තිබ්බා. වෙට්ට පාසි.

ම්හ්ක්. මට කේන්ති යනවා. හැයි යකෝ.

ශෙනාල්ව ගේ ළඟින් බස්සලා ආපහු වෙන පාරකිනුත් ගිහින් ඩිස්ටි ඩිඩින්වත් ගේ ළඟින් බැස්සුවෙ ඒකි බැහැලා එහා පැත්තෙනුත් ඇවිත් අභීන් එක්ක මොනවද කියවද්දි.

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now