උදේ පාන්දරම අපුර්ව ඔෆිස් යන්න ලෑස්ති වුනේ වෙනදට වඩා උනන්දුවකින්. මොකද හැමදාම එයාට රවන ගොරවන මිගාර නෙමෙයි දැන් එතන ඉන්නේ. එක හිතද්දීත් එයාට හිත ඇතුලේ මොකද්ද වෙනවා. මිගාර නිසා එයාට දැනෙන හැම හැගිමක්ම එයාට අලුත් කලින් විඳලා නැති ඒවා.
අපුර්ව විසිල් පාරක් ගහගෙනම ලිෆ්ට් එකෙන් පහලට ඇවිත් පාකින් එකට හැරෙන්න ගියා විතරයි මෙන්න බොලේ මිගාරගේ කැබ් එක ගේට්ටුව ඉස්සරහා. මිගාර එයාට එන්න කියන්න වගේ අත වැනුවා.
"මොකෝ..?" අපුර්ව වාහනේ ලගට ගිහින් ඉනට අත් දෙක තියාගෙන ඇහුවා.
"ඇයි..?"
ඔන්න ඉතින් හොටේ එල්ලගත්තා
"හනේ මගේ සුදාප්පච්චියෝ..!!! මොකෝ උදේ පාන්දරම මෙහෙ කරන්නේ මගේ වස්තු කැටේ??" ඒකට නම් මිනිහගේ මුනේ ලාවට හිනාවක් ආවා
"යං මාත් එක්ක..??"
"යං.." අපුර්ව වාහනේ දොර ඇරලා ඇතුලට පැනගෙන දොර වැහුවා. මිගාර බලන් හිටියේ අදහගන්න බැහැ වගේ. කොයි වෙලේක හරි මිනිහගේ ඇස් ගෙඩි දෙක බිමට පත බෑ වෙනවා මෙච්චර ලොකු කරලා.
"යං..??"
"ඔව් ඔව් බං යං... මම මේ නැග්ගේ.."
"මම හිතුවා සතර දිශා නමස්කාරය කරන්න වෙයි කියලා කැමති කරවගන්න.." මිගාර අහිංසක හිනාවකින් මුණ පුරවාගෙන වාහනේ ස්ටාට් කළා.
මිගාර ඇඳන් හිටපු ඇඳුමට ඇඟ කට් වෙලා පේනවා. දැක්කම ලෝබයි. තද අළු ට්‍රවුසර් එකට ලා නිල් පාට ෂර්ට් එක අත දෙපාරක් වගේ නවලා. සිල්වර් රිස්ට් වොච් එක. නළල් දෙපැත්තෙන් මුනට වැටෙන කොන්ඩේ. හරිම හෙමින් තාලෙකට ගහන ඇහිපිහාටු.
"අද ප්‍රොජෙක්ට් මැනේජර් ඩිසයිඩ් කරනවා.." ටික දුරක් ගිහින් මිගාර කතා කරන්න ගත්තා.
"ම්ම්.."
"මම මොන තීරණය ගත්තත්--"
"ඒකෙන් අපේ සම්බන්දෙට බලපෑමක් නැහැ. ප්‍රොෆෙෂනල් ඩිසිෂන්ස් වෙනයි, ප'සනල් ලයිෆ් ඩිසිෂන්ස් වෙනයි.." අපුර්ව මිගාරගේ වාක්‍යය සම්පුර්ණ කළා.
"හ්ම්ම්.." මිගාර උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දැම්මේ අතකින් අල්ලගන්න ගමන්.
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...