මැසේජ් එකේ තිබුනේ අපුර්වයි මිගාරයි මේ දැන් ඇඳේ නිදාගෙන ඉන්න ෆොටෝ එකක්.. කොහේ හරි ඈත බිල්ඩින් එකක ඉඳලා සූම් කරලා ගහපු හරියටම දැන් විනාඩියකට විතර කලින් ගත්ත එකක් වෙන්න ඕන.. අපුර්ව ඒකට කොච්චර කලබල වුනාද කියනවා නම් ඒ අදුරන්නේ නැති නම්බර් එකට එවෙලේම කෝල් එකක් ඩයල් කරලා කණේ තියාගත්තා..
"හෙල්--" මිගාර ඇහැරෙයි කියලා බයට අපුර්ව කතා කලේ හෙමිහිට..
"උඹේ ආදරවන්තයා පණපිටින් ඉන්නවා දකින්න ඕන නම්.. මම කියන තැනට වරෙන්.."
"ආවේ නැත්තම්..?"
"පිටිපස්ස හැරිලා උඹේ මිනිහගේ මූණ දිහා එක පාරක් බලලා උඹට පුළුවන් නම් ඔය වචන ටික ආයේ කියපන්.. ඔට්ටුයි බැහැ..."
කියපු පරක්කුවට අපුර්ව පිටිපස්සට හැරිලා බැලුවේ මිගාරගේ මූණ දිහා.. හරිම සන්සුන් විදියට නිදාගෙන ඉන්න මිගාරගේ නළලේ මැද තද රතු පාට ලේසර් ඩොට් එකක් තියනවා දකිද්දී අපුර්වගේ ඇඟම පණ නැති වෙලා ගියා.. ක්ෂණිකයෙන් මිගාරගේ ඉස්සරහට ගිහින් එයාව කවර වෙන්න හිටගත්ත අපුර්ව ලේසර් ඩොට් එක එයාගේ පපුවට වැටෙන විදියට හිටගෙන ආයෙමත් ෆෝන් එක කණේ තියාගත්තා..
"ක්...කවුද තමුසේ.. මොනවද තමුසෙට ඕන..?" කටහඬ වෙවුලුවන එක නවත්තගන්න බැරි තැන අපුර්ව මහපට ඇඟිල්ලේ නියපොත්ත හපාගත්තා..
"මට ඕන තමුසෙව.. ඒ නිසා මම දාන ලොකේෂන් එකට දැන්මම වරෙන්.. සද්ද වහලා තනියම ආවොත් මං උඹේ මිනිහව අතාරිනවා.. ඕනවට වඩා වැඩ දාන්න ගියොත් නම්..!! අරුගේ ඔලුකට්ටේ කෑලි තමුසෙට එකතු කරන්න වෙන්නේ සවලෙන්.."
"............"
"උඹ කල්පනා කරන තප්පරයක් තප්පරයක් ගානේ උඹේ ආදරවන්තයා අපායේ දොර ගාවට යන එක ලං වෙනවා අපුර්ව..! තීරණයක් ගනින්.. උඹේ මේ කිසි කමකට නැති ජීවිතේද..? නැත්තම් අරුගේ ජීවිතේද..? දෙකෙන් එකකට විතරයි හෙට මේ ලෝකේ එලිය බලන්න පුළුවන්..!"
"............"
"මට තමුසේ එක්ක හුරතල් වෙවී ඉන්න වෙලා--"
"මිගාරව අතාරිනවා.. තමුසෙලට ඕන මාවනේ.. මම එන්නම්.." අපුර්වගේ අත මිට මෙලවුනේ මේ කිසි දේක ඉවරයක් නැති බව දැනෙද්දී..
VOCÊ ESTÁ LENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...