"උඹ ඕනාවට වඩා නැටුවා.. මම එක පාරක් දෙපාරක් චාන්සස් දෙද්දී උඹ ඕනාවට වඩා උඩ පැන පැන නැටුවා.." අපූර්ව ඒ ගරා වැටුන බිල්ඩිම ඇතුලට යද්දී ඇහුන කටහඬ කේසරගේ කියලා අඳුරගන්න මහා වෙලාවක් ගියේ නැහැ..
"හ්ම්ම්.. මට වෙන මොනවත්ම දැනගන්න ඕන නැහැ බාප්පේ.. ඔයා මෙහෙම කරන්න හේතුව විතරක් කියන්න.. ඔයාට ඕන වුනේ දේපල නම්.. තාත්තාගෙන් ඉල්ලන පරක්කුවට ඔයාට එයා ඒවා ලියලා දෙනවා.. එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම දෙයක් කලේ..?"
"චහ්..! මහ එකාගේ වගේමයි උඹෙත් කට.. මෙන්න මුව ඇදගෙන ගිහින් අතන වාඩි කරවපන්.. අද හොඳින් හරි නරකින් හරි මේක ඉවරයක් කරමු.." කේසර කිව්වේ එතන වටේට හිටගෙන හිටපු කීප දෙනෙක්ට අපුර්වව අතින් පෙන්නලා..
කීපදෙනෙක්ම එයාගේ පැත්තට එනකොට අපුර්ව හිස් හැඟීමෙන් බලන් හිටියේ දැනටම එයා හැමදේම හිතෙන් අතැරලා ඉවර නිසා.. එතනම තිබ්බ පුටුවක වාඩි කරවලා අත් දෙක පිටිපස්සට කරලා බඳිද්දිවත් වචනයක්වත් කතා කරන්න අපුර්වට ඕන වුනේ නැහැ.. 'කරන දෙයක් කරලා ඉක්මනට මරලා දාපන්' වගේ අපුර්ව කේසර දිහා බලන් හිටියේ තමන්ගේම ලේ ඇඟේ දුවන මනුස්සයෙක්ට මෙච්චර ද්‍රෝහී වෙන්න පුළුවන් වෙන එක ගැන පුදුම හිතෙද්දි..
"උඹත් හරියටම උඹේ අම්මයි තාත්තයි වගේම තමයි.. මගේ අතින් මැරුම් කන අන්තිම මොහොතේදීත් උන් දෙන්නගේ ඇස් තිබුනෙත් උඹේ වගේම තමයි.. බය ගෑවිලාවත් තිබුනේ නැහැ.."
"අම්මා..???" අපූර්ව ගැස්සිලා කේසර දිහා බැලුවේ අම්මා ගැන කියවුන නිසා..
"චහ්.. අවුරුදු විසිගානක්ම අම්මා මරාගෙන ඉපදුන එකා කියලා අහලා අහලාම උඹට මහන්සි ඇති.. අසරණයා..! උඹ නොදන්නවා වුනාට උඹේ අම්මා මැරුණේ උඹ ඉපදෙද්දී නෙමෙයි.."
"ම..මගේ.. අ..අම්මා..??"
"ඔව්.. උඹේ අම්මා.. උඹ ඉපදිලා පැය ගාණක් යනකනුත් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු උඹේ අම්මා මැරුණ හේතුව උඹේ තාත්තා දැනගත්තෙත් මරණ මංචකේදී.. උඹ දැනගන්නෙත් මරණ මංචකේදී.. අර වෙත්තසිංහකාරයා කියපු කතාව ඇත්ත.. උඹට තියෙන්නේ තාත්තගෙම ජාන.. මැරෙන්නෙත් එක වගේමයි.."

ESTÁS LEYENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...