අපුර්ව කොච්චර ගලවගන්න ට්‍රයි කලත් ජිතේන්ද්‍ර අපුර්වගේ අල්ලන් හිටපු අත අතෑරියේ නැහැ.. අපුර්වට පේනවා මිට මෙළවෙලා තියන මිගාරගේ අත.. ඉස්සර වගේම කේන්තිය පාලනය කරගෙන ඉන්න කොට බෙල්ල ළඟ ඉලිප්පෙන නහර..
තප්පර කීපයක් යන්න ඇති.. මිගාර දොර ළඟ තිබුන වොෂ් රූම් එක ඇතුලට ගියේ වචනයක්වත් නොකියා.. සින්ක් එක අත් දෙකෙන්ම තද කරගෙන ඔලුව සින්ක් එක දිහාවට නවාගෙන තමන්ව සන්සුන් කරගන්න හදන මිගාරව අපුර්වට එතන ඉස්සරහා තියන කණ්නාඩියෙන් පේනවා.. ටික වෙලාවක් එහෙම හිටපු මිගාරගේ අත එයාගෙම පපුවට තද වෙලා හයියෙන් හුස්ම ගන්න පටන් ගද්දී අපුර්වගේ ඉවසීමේ සීමාව පැන්නා..
"ජිතේන්ද්‍ර.. මගේ.. අත.. අතාරින්න.."
"ඇයි..? දුකයිද..? තමුසෙගෙ සැබෑ ස්වරුපේ මිගාර දකිද්දී දුකයිද..?"
"ජිතේන්ද්‍ර මගේ අත අතාරිනවා.."
"ඌ පොඩ්ඩක් හයියෙන් හුස්ම ගත්තත් අමාරු තමුසෙට මම විදින වේදනාව පෙන්නේ නැත්තේ ඇයි කියනවා යාත්‍ර..?"
"ජිතේන්ද්‍ර ප්ලීස්.. මිගාරට හුස්ම ගන්න අමාරුයි.. ප්ලීස් මට යන්න දෙන්න.." ඒ කියද්දීත් මිගාර වේදනාවෙන් පුපුරු ගහන ඇස් දෙකෙන් බිමට බර වෙලා හයියෙන් හුස්ම අල්ලනවා අපුර්වට පේනවා..
"මම මොනවද ඕයී කරන්න ඕන තමුසේ මිගාරට වගේ මට ආදරේ කරන්න..? මොනවද කරන්න ඕන..?"
"කිව්වම අහලා අත අතැරපන් යකෝ.." අපුර්ව තියන ශක්තිය දාලා ජිතේන්ද්‍ර ව අහකට තල්ලු කළා..
සලාං..! ජිතේන්ද්‍ර ගේ අත තිබුනේ කෑලි කෑලි වලට බිදිලා ගිය මේසේ වීදුරුව උඩ.. ලේ..! අපුර්ව එතනම තිබුන තුවායක් අරන් ජිතේන්ද්‍ර ගාවට ගියේ මේසේ උඩ වැටිලා තිබුන ලේ පිහදාලා ජිතේන්ද්‍ර ගේ අත තුවායෙන් වෙළන ගමන්.. ජිතේන්ද්‍ර ගේ මුණේ ඇඳුනේ බලාපොරොත්තු නොවුන හිනාවක්..
"ඇයි ඔයාට බැරි ඔයා යටි හිතෙන් මට කැමති කියලා පිළිගන්න යාත්‍ර.. මට රිදෙන කොට ඔයාට රිදෙනවා කියලා පිළිගන්න මේකම මදිද..?" ජිතේන්ද්‍ර ඇහුවේ අපුර්වගේ කම්මුලක් උඩ අත තියන ගමන්..
"මි..මිගාරට.. ලේ බලන්න බ්..බැහැ.. එයා බයයි.. ලේ.. ලේ.. පෙන්නන්නෙපා.. වහගන්න.." අපුර්ව අසිහියෙන් මොනවදෝ කියලා ජිතේන්ද්‍ර ගෙන මෑතට වුනා.
ESTÁS LEYENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...