"අපුර්ව..!!" ආක්ෂා ඉනටත් අත් දෙක තියාගෙන ප්‍රින්සිපල් වගේ බලාගෙන ඉන්නවා. හරි ඉතින් අද ඉදලා ඉවරයි. දැන් ඊයේ කවුද ලයිව් එක වෙලාවේ හිටියේ. කාත් එක්කද ඒ කතා කලේ. ඇයි ඒ ගැන කිව්වේ නැත්තේ. ප්‍රශ්න ගොඩයි.
"මචං..." මම මුකුත්ම වුනේ නැති ගානට ආක්ශාගේ උරහිසට පොඩි තට්ටුවක් දැම්මා.
"මැචන් නෙමෙයි. මොකද්ද මේ නටන නාඩගම?"
"මොකද්ද?"
"මොකද්ද?? මොකද්ද?? දෙයියනේ මොකද මම මේ පාර හිතන් ඉන්න හැමදේම වරදින්නේ.." ආක්ෂා පපුවටත් අත තියාගෙන බලන් ඉන්නවා.
"මොකක් ගැනද මේ කියවන්නේ..?"
"හරි සේරම පැත්තක තියලා මට කියනවා කවුද ඊයේ ලයිව් එකේ හිටියේ?"
"මොන?"
"අනේ මේ බොරු මරිසි දාන්න එපා.. උබලගේ මරිසි මම දන්නවා.. උබලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ.." ආක්ෂා ෆේස්බුක් මීම් එකේ කතා කරන විදියටම ඇද ඇද කතා කලාම අපුර්වට නිකන්ම හිනා ගියා.
"මොන මරිසිද අනේ.."
"කාත් එක්කද ඊයේ අර ලයිව් එකේ ඉද්දි කතා කලේ?"
"ආහ්.. ඒක.. සචින් අනේ සචින්.. මගේ යාලුවා.."
"නැහැ නැහැ තමුසෙගෙ ඇස් දෙක නලියන්න ගත්තා ආපු එක්කෙනා එක්ක කතා කරද්දී.."
"අනේ මේ තමුසෙගෙ ෆැන්ටසි වලට මාව අල්ලගන්නෙපා.."
"හොඳයි ඉන්නකෝ මම හොයාගන්න මේකේ අග මුල.. අනේ මන්දා මිගාර උඩ බලන් මොනවා කරනවද කියලා මෙච්චර කල්.. මූව එකෙක් අරන් ගිය දවසට තේරෙයි.. එදාට අඩාගෙන අවොත් මං තමයි උගේ කනට දෙකක් ගහන්නේ.. යකෝ මුන්ට වඩා මේකට අමාරුව තියෙන්නේ මටනේ බලන් ගියාම.."
"මොනවද තනියම කියවන්නේ..?"
"මුකුත් නැහැ.. අහකට යනවා මට යන්න දීලා.."
"ඉතින් මේ තියෙන්නේ ඉඩ.. යන එකනේ ඇත්තේ.."
ආක්ෂා ගස්සාගෙන පුරුදු විදියටම පුටු වලත් වැදිගෙන එතන ඉඳගෙන ඉන්න උන්ටත් ඔරවාගෙන සීට් එකට යන දිහාව බලන් ඉන්න එක වෙනම ආතල් එකක්.
අද මිගාර අපුර්වත් එක්ක අවේ නැහැ.. උදේම මැසේජ් එකක් දාල තිබ්බ අද එන්න හවස් වෙනවා කියලා. ප්‍රශ්නේ මොකද්ද කියලා අහන්න සැහෙන්න හිතුනත් ප්‍රෙෂර් කරන්න ඕන නැති නිසා එයා නිකන් හිටියා. ජිතේන්ද්‍ර එක්ක අද කතා කරන්න ඕන කියලා උදේ ඉදන්ම අපුර්ව හිත හිතා හිටියේ... නැත්තම් ඒ ප්‍රශ්නේ නිකන් උඩු දුවන එක විතරයි වෙන්නේ. තාම ජිතේන්ද්‍ර ඇවිල්ලත් නැහැ. අද එච්චර මිටීන්ග්ස් තියන දවසකුත් නෙමෙයි නිසා ඔෆිස් එකේ පොඩි සන්සුන් ගතියක් තියනවා. ටික වෙලාවක් යද්දී ජිතේන්ද්‍ර එනවා දැක්කාම අපුර්ව අතින් හායි පාරක් දැම්මා. ජිතේන්ද්‍ර ඒකට හායි බැක් කළා.
VOCÊ ESTÁ LENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...