26 කොටස

2.1K 258 13
                                    

දොර අරගෙන අපුර්ව ආපු නිසා භවන් ආයෙමත් සෙටි එක අස්සට ගුලි වෙද්දී ශාක්‍ය ලැප්ටොප් එක දිහා බලාගත්තා.

"රෑට කාලා යමු ආහ්.." කියාගෙන අපුර්ව කිචන් එකට ගියා.

"භවන්..  "

"ම්ම්..?"

මේක හරියට බලලා කන්ෆර්ම් කරන්න.. ආයේ වෙනස් කරන්න බැහැ මම ඔෆිස් එකේ වඩාත් බැලන්ස් කරලා හැදුවේ මේක.." ශාක්‍ය කියද්දී භවන් හිටපු තැනම ඉදන් බෙල්ල දික් කරලා ලැප්ටොප් එක දිහා බැලුවා..

"කෝ ඔහොම පේන්නේ නැහැනේ.. මෙතනට ඇවිල්ලා බලන්න.."

"න්..නැහැ.. පේනවා මෙතනට.."

"හ්ම්.. මංම එන්නම්කෝ.." භවන් දිහා බලාගෙන හුස්මක් පහල දාපු ශාක්‍ය භවන්ගේ ඇඟේ වදින නොවදින ගානට ලං වෙලා ලැප්ටොප් එක ඒ දිහාවට හැරෙව්වා..

ශාක්‍ය ලංවුන විදියට භවන්ට හුස්ම ගන්න පවා අමතක වෙලා යද්දී ලැප්ටොප් එක දිහා නොබලාම භවන් හිටියේ තමන්ගේ ඉස්සරහා ඉන්න මනුස්සයාගේ රූපේ හිතේ හැටියට විදින ගමන්. ශාක්‍ය ගේ පළල් උරහිස දැක්කාම ඒ එක්ක සසදද්දී තමන්ට තිබුනේ කොච්චර පුංචි ඇඟක්ද  කියලා හිතෙන තරමට ඒ ඇඟේ මස් ගොබ කැපිලා පෙනුනා. සේරමටත් වඩා භවන්ව පිස්සු වැට්ටුවේ ෂර්ට් එකට වැහුන අඩක් පේන ටැටූ එක. ලස්සනයි.. භවන් හිතෙන් කිව්වා..

"හරිද..?? භවන්..!!" ශාක්‍ය තමන් දිහාව බලන් ඉන්න බව භවන් දැක්කේ එයා ශාක්‍ය ගේ අත දිහා බලාගෙන භාවනා කරද්දී.

"හො..හොඳයි.." ගැස්සුන බව නොපෙන්ව ඉන්න භවන් කලේ ලැප්ටොප් එක දිහා උවමනාවෙන්ම බලන් හිටපු එක.

"ඕකේ.."

භවන් ආයෙම ෆෝන් එකට මුණ ඔබාගත්තේ හිත ඇතුලේ යකා නටපු හැගීම් සේරම සන්සුන් කරගන්න වගේ..

"කන්න එන්නෝ.!!" ටික වෙලාවකට පස්සේ  අපුර්ව කිචන් එකේ ඉදන් බෙරිහන් දුන්නා..

"එනවා..!!" අපුර්වට පින් දිදී භවන් හිටපු තැනින් නැගිට්ටේ කුලප්පු වෙච්ච අශ්වයෙක් වගේ.. එයා ඉදන් හිටපු විදියටත් ශාක්‍ය එයාට ලං වෙලා ඉඳන් හිටපු විදියටත් තව පොඩ්ඩෙන් භවන් කකුල්  පැටලිලා සෙටි ටේබල් එකේ ඔලුව වද්දගන්නවා..

ස්නේහ | CompletedWhere stories live. Discover now