29 කොටස

4.1K 435 18
                                    

"භවන් ඇයි ඔයාගේ ඇස් රතු වෙලා..?" හරිනේ කොලා.. දැන් දීපල්ලකෝ උත්තර.

"නිදිමත වැඩි වෙලා.." අපුර්වම ආයේ භවන්ව බේරගත්තා..

"නිදිමතයි නම් බීච් යන්නේ කොහොමද..?"

"නැහැ නැහැ මට පුළුවන්.. ඔය ඔලුව උඩ ඉන්න එකා.. මම උඹව අරන් චප්ප කරන්න කලින් බිමට බැහැපන්..." භවන් තවමත් විකාර දොඩවනවා..

"හා.. හා.. හරි.. යමු දැන්.. බීච් යමු.. දැනටම 7ත් වෙලා අප්පා.." අපුර්ව සචින්වත් අතින් ඇදගෙන භවන් ගාවට ගියේ දෙන්නවම අරන් එලියට යන්න.. මුන් දෙන්නා දැන් මෙතන පිස්සු නැටුවොත් සේරම මාට්ටු..

එලියට ගිය අපුර්ව දෙන්නවම පිටිපස්ස්සේ සීට් එකට එබුවේ එයා මැද ඉදගන්න ගමන්..

"සචින් ඩ්‍රයිව් කරනවා කිව්වේ.." භාතිය වාහනේ ලඟට ඇවිල්ලා මගුලක් අහන්න ගත්තා..

"නැහැ නැහැ රෑට යද්දී දෙමු.. දැන් මුන් දෙන්නම ඉන්නේ වැදි-- නැහැ මේ.. නිදිමතේ.."

"කවලම් වීඩ් ගැහුවම ඔහොම තමයි.." කියාගෙන භාතිය ඩ්‍රයිවින් සීට් එකට නැග්ගේ කට කොනකින් හිනා වේගෙන..

"අප්පා.. ශාක්‍ය ට නම් කියන්නෙපා මුගේ හම ගලවයී.."

"ඌ දැනටම දන්නවා ඇති.. මොකද ඌ බබෙක්යැ.."

"හරි එහෙනම් බඩු බනිස්.."

"අන්න උන් දෙන්නම දැන් එකෙක්ගේ ඔලුව උඩ  නැගලා.." පැසෙන්ජර් සීට් එකේ ඉඳගෙන ඉන්න ශාක්‍ය ගේ ඔලුව දිහාවට අත දික් කර කර භවන් මග දිගට ශාක්‍ය ගේ කොන්ඩෙන් ඇද්දා..

"භවන්..!" ශාක්‍ය පිටිපස්සට හැරිලා එක පාරයි කිව්වේ භවන් සීට් එක අස්සේ ගුලි වුනා..

"ඉතින් අර පොඩි පගයා මට උගේ අතේ තියන එකෙන් අනින්න හදනවනේ.. ම්හුක්.."

"උඹලා දෙන්නා අද මොන මගුලක්ද බන් ගැහුවේ.. වෙනදට මෙහෙම පිස්සු නටන්නේ නැහැනේ.." අපුර්ව සචින්ගේ  කණට ලං වෙලා ඇහුවේ හෙමින්..

"ජාති දෙකක් කවලම් කරලාද මන්දා බන්.. මටත් නිකන් තරු පේනවා වගේ.." සචින් එක දිගට ඇහිපිය ගහගෙන ගහගෙන ගියා..

බීච් එකට ගිය වෙලාවේ ඉඳන් භවන්වත් සචින්වත් දැඟලුවේ නැහැ.. දෙන්නම ඉඳගෙන  මුහුද දිහා බලන් හිටියා.. අපුර්ව හිටියේ  රැල්ල වදින හරියට වෙලා හිටගෙන ඈත බලාගෙන කල්පනාවක ගිලිලා. හැබැයි වෙනදා වගේම වැඩි වෙලාවක් එහෙම ඉන්න හම්බුනේ නැත්තේ එයාට ආපු කෝල් එකක් නිසා..

ස්නේහ | CompletedOnde histórias criam vida. Descubra agora