ටුක් එකේ ලංකා හොස්පිටල් එක ගාවට එනකොටත් අපුර්ව හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි.. පිස්සුවෙන් වගේ මිගාරගේ රූම් එක ළඟට දුවගෙන යනකොටත් එයාට හොඳ සිහියක් තිබුනා කියන්න බැහැ. රූම් එක ඇතුලට යනකොට ශාක්‍ය, භාතිය මිගාරගේ ඇඳ ළඟ හිටියත් සචින්, භවන් හිටියේ ටිකක් එහාට වෙන්න.. අපුර්ව ඇතුලට ආපු ගමන් සචින් භවන් අපුර්වගේ ලඟට ආවා..
"මිගාර..!" ඇඳ විට්ටමට හේත්තු වෙලා භාතිය එක්ක කතා කර කර හිටපු මිගාරව දැකලා අපුර්වට මොනවද කියන්න ඕන කියලා ඔලුවට ආවේ නැහැ..
මිගාරගෙන් ඒකට ප්‍රතිචාරයක් තිබුනේ නැහැ.. ඒ වෙනුවට එයා කලේ ශාක්‍ය දිහා බලපු එක..
"මි..මිගාර.. ම--" ඇඳ ලඟට අඩිය තියන ගමන් අපුර්ව කියද්දී..
"මම ඔයාව දන්නවද.?" ඔලුව පැත්තකට ඇල කරලා මිගාර ඇහුවා..
අපුර්ව ගැස්සිලා හිටපු තැනම නැවතුනේ වෙන්න පුළුවන් භයානකම දේ වෙලාද කියලා හිතාගන්න බැරුව..
"ම..මම.." අපුර්ව ගොත ගැහුවේ මාරුවෙන් මාරුවට ඉතුරු හතර දෙනා දිහා බලන ගමන්.. ඒ මූණවල් වලත් තිබුනේ අනුකම්පාවක්..
".........."
තවමත් ඔලුව ඇල කරලා අපුර්ව දිහා නොදන්නවා වගේ බලන් ඉන්න මිගාරගේ ඇස් දෙකේ තිබ්බේ ආගන්තුක බවක් කියලා අපුර්වට හිතුනෙම නැහැ.. ඒ ඇස් අපුර්වව ඉල්ලලා දඟලනවා.. මේක බොරුවක්ද..?
"න්..නැහැ.. ඔයා මාව දන්නවා.. ඔ..ඔයාට බැහැ.. ඔයාට බැහැ මිගාර මෙහෙ--" අපුර්ව පිස්සුවෙන් වගේ මිගාරගේ අත අල්ලගෙන කියවන් යද්දී..
"අනේ මචං මට තවත් නම් බැහැ.." කියාගෙන මිගාර අපුර්වව තුරුල් කරගත්තෙත් අනික් හතර දෙනාම හිනාවෙන්න පටන් ගත්තෙත් එකම වෙලාවේ..
අපුර්වට මොකද්ද මේ වුනේ කියලා හිතාගන්නවත් උවමනාවක්වත් තිබුනේ නැත්තේ සති දෙකක් තිස්සේම මිගාර ගාවින් ආපු සිතල හැඟීම වෙනුවට මිගාරගේ උණුහුම විඳගන්න හම්බුන එකට සතුටින්.. මිගාරගේ ඇඟේ දුර්වල ගතිය අපුර්වට දැනුනා..
"අඩෝ.. උඹ කෑවා බං..!!" ඒ ශාක්‍ය..
"චූටි අයියේ..! තමුසෙගෙ මේ ගොන් ප්ලෑන් නිසා දවසක එකෙක් මැරිලා තමයි නවතින්නේ හරිද..? තව ටිකක් ගියා නම් මං හරි සචින් හරි ඕක මූට කියනවා.."

ESTÁS LEYENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...