ටික වෙලාවක් මිගාර දිහා බලන් ඉඳපු අපුර්ව කලේ කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන ඇඳේ වාඩි වුන එක. ඒ එක්කම මිගාර එයා දිහාවට දික් කරගෙන හිටපු පෑනයි ඩොකියුමන්ට්ස් ටිකයි අතට අරගෙන චූටි චූටි කතිර ගහලා තිබ්බ හැමතැනම සයින් කරලා ඉවර කරපු අපුර්ව ඩොකියුමන්ට් එකේ අන්තිම පිටුවට හරවද්දී තමයි දැක්කේ ලෝයර්ගේ සීල් එක..
Dias Weththasinghe
Attorney-At-Lawඒ දිහාත් ටික වෙලාවක් බලන් හිටපු අපූර්ව ඩොකියුමන්ට්ස් ටික ආයෙමත් පිළිවෙලකට හදලා මිගාරගේ අතට දීලා ආපහු හිටපු විදිහටම කොට්ටෙන් ඔලුව තියාගෙන ඇස් වහගත්තා..
"බබා..?" විනාඩියක් එකහමාරක් ඇතුලත වෙච්ච මේ දේවල් දිහා මිගාර බලාගෙන හිටියේ ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගෙන..
"ම්ම්..?"
"ඇයි කියලවත් අහන්නේ නැද්ද..?"
"හාහ්..?"
"ඔයාගේ ප්‍රොපටීස්--"
"මගේ නමට.. ඔයාගේ නමට.. දෙන්නගෙන් කාගේ නමට තිබ්බත් මොකද්ද වෙනස..?" අපුර්ව කිව්වේ ඉන්න විදියටම ඇස් දෙක විතරක් ඇරලා මිගාර දිහා බලලා..
"ඔයාට කිසිම දෙයක් දැනගන්න ඕන නැද්ද..? හේතුවවත්..?"
"නැහැ.."
"මාව මෙච්චරටම විශ්වාස කරන්න එපා මැණික.. ඒක තව හිතට බරයි.." මිගාරගේ ඇස් කඳුළු වලින් තෙත් වෙද්දී...
"මිගාර.. ඇයි මේ..?" ඇස් දෙකේ කඳුලු පුරවන් හිටපු මිගාරව දැකලා අපුර්ව ආයෙමත් ඇඳෙන් ඉඳගත්තා..
"මං දන්නේ නැහැ බබා මම ඔයාට කොච්චර ආදරෙයිද කියන්න.. මම මහා හුඟක් ආදරෙයි.. ඒත්.. මං.. මං.. පිලිගන්නවා ඔයා මට කරන තරම් මම ඔයාට ආදරේ කරන්නේ නැහැ.."
"චහ්.. සිරාවට මිගාර..? මගේ පළවෙනිම ෆොටෝ එකේ ඉඳන් අන්තිමට ගත්ත ෆොටෝ එක වෙනකන් ළඟ තියන් ඉන්න, මගේ ජිවිතේ පොඩි කාලේ ඉඳන් වෙච්ච හැමදෙයක්ම අකුරක් නෑර දන්න ඔයා මට ආදරේ කරනවට වඩා, ඔයා ගැන හැමදාම මොකක් හරි අලුත් දෙයක් ඉගෙනගන්න මම කරන ආදරේ වැඩියි කියලද ඔයා කියන්නේ..?"
"කෙනෙක් ගැන දන්න දේවල් මත ආදරේ තීරණය වෙනවා නම්, මෙවන් තරම් මට ආදරේ කෙනෙක් මේ ලෝකෙවත් නැහැ බබා.."
KAMU SEDANG MEMBACA
ස්නේහ | Completed
Romansaමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...