🐱 Chapter 01 🐱

6.3K 411 39
                                    


Xiao Zhan 's P.O.V

වාසනාව ගැන අහලා තියෙනවද...

කවුද වාසනාව ගැන නොදන්නේ නේද... මිනිහෙක්ට හරි යනවනම් , ඌ කැමති දේ වෙනවනම් ' අනේ ඌ හරි වාසනාවත්තයි ' කියලා හැමෝම කියනවා.. උදේම මල් දාපු වතුර කලයක් දකින එක වාසනාවක්ලු , පෙති හතරේ කොලයක් කෙනෙක්ට වාසනාව ගේනවලු , අශ්ව ලාඩන් වාසනාවලු , ඇයි අපේ රටේ විදිහට අංක 8 ත් වාසනාවක්ලු...( චීනේ එහෙමලු )

එහෙනම් අවාසනාව කියන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙනම් අවාසනාව කියන්නේ..?

වාසනාවේ අනිත් පැත්ත...අපි කැමති දේ නොලැබුනම , අපි හිතන් හිටපු විදිහට වැඩක් නොවුනම  මොකක් හරි නරක දෙයක් වුනොත් මිනිස්සු ඒකට අවාසනාව කියනවා...ඉනිමගක් යටින් යන එක , ගේ ඇතුලේ කුඩයක් ඉහලන් ඉන්න එක , කලු පූසෙක් දකින එක  , වීදුරුවක් කැඩෙන එක අවාසනාවන්තයිලු..

මේ ලොකේ බඩගින්නට කාලා තිබහට වතුර බීලා සාමාන්‍යය විදිහට හුස්ම ගන්න මිනිහෙක්ගේ ජිවිතේ වාසනාව වගේම අවාසනාවත් කියන දෙකම තියෙනවා...

එතකොට මගේ ජිවිතේ...?

මම ඔයාලට කතාවක් කියන්නම්...

සුදු පාට වලාකුළු වලින් වට වුන ඒ වලාකුළු වගේම අහසේ පාවි පාවි දිව්‍යවිමානයක් තිබුනලු...ඉතින් මේ දිව්‍ය විමානේ මිනිස්සු මවන්න සුදු බොම්මයි මොටයි දිග රැවුලක් තියෙන , තට්ටේ පෑදුන දෙවි කෙනකුත් හිටියලු...

ඉතින් මේ හාදයා දවසක් පදාස බේසමකුත් අරගෙන දිව්‍යලෝකේ මල් වත්තට ගියාලු... ඊටපස්සේ ඒ පදාස බේසමට මුලින්ම ලස්සන කියන බෝතලෙන් පොඩ්ඩක් දැම්මලු...නුවණ කියන බෝතලෙනුත් චුට්ටම චුට්ටක් දැම්මලු... හිත හොද කියන බෝතලෙනුත් පොඩ්ඩක් දැම්මලු... ඊටත් පස්සේ මේ මිනිහා අරන් තියෙන්නේ අවාසනාව කියන බෝතලේ...

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now