Xiao Zhan's P.O.V
මගේ ඇස් කාමරේ මැද්දේ තිබ්බ ඇදයි සෝෆා එකයි අතර සැරෙන් සැරේ එහේ මෙහේ ගියේ මොකක්ද දැන් කරන්නේ කියලා හිත යටින් මගෙන්ම ප්‍රශ්න කරගන්න ගමන්..
ඩිනර් එක අරගෙන එයාලා එකතු වෙලා පොඩි ඩ්‍රින්ක් එකකුත් දාලා ඉවර වෙනකොට රෑ දහය විතර වෙලා තිබ්බා.. රෑට ජීවය ලබන නගරයක් විදිහට මොනාකොවට දහය කියන්නේ මහ ලොකු රෑයක්මත් නෙමෙයි.. පිනා හැදුවේ වාහනයක් ගෙන්නගෙන ආයේ හොටෙල් එකට යන්න.. ඒත් ඩෙවෝන් ඒකට ඉඩ දුන් නැහැ..
ලොකේ නැති බොරු ගොඩක් කියලා හොටෙල් එකට යන්න අපි දෙන්නම ට්‍රයි කලේ මෙහේ ඉන්න බැරි එකට වඩා දෙන්නත් එක්ක එක කාමරේ තනි වෙන්න තිබ්බ අකමැත්තට කියලා දෙන්නට දෙන්නා හොදටම දැනන් හිටිය..හොටෙල් එකේ ඉන්නෙත් එකම රූම් එකක වුනත් ඒක suite එකක්.. දෙන්නට දෙන්නගේ මුහුන නොබලා නිදාගන්න ඕන තරම් ඉඩ තිබ්බ.. එහෙත් මෙහෙ එහෙම නැහැ.. ගෙස්ට් රූම් එක සාමාන්‍යය ගෙදර රූම් එකකට වඩා ලොකු වුනත් තියෙන ඉඩ ප්‍රමාණය හොටෙල් රූම් එකකට වඩා ගොඩක් පොඩි..
King bed එකයි සොෆා එකයි කබඩ් එකයි , LED TV එකකුයි හැරුනම තිබ්බේ තව කාමරේ ලස්සන කරන පොඩි පොඩි ඒවා මෙව්වා ටිකක් විතරයි.. හැංගෙන්න කිසිම ඉඩක් නැහැ..
ඒත් කරන්න දෙයක් නැහැ.. ඉදිරි පැය නමය දහය මේ රූම් එකේ පිනා එක්ක මට ගෙවන්නම වෙනව..
අතකුත් තුවාල කරන් ඉන්න මනුස්සයාට සෝෆා එකේ නිදාගන්න දෙන්න බැරි හන්දා මම හැදුවේ අද රෑ සෝෆා එකේ ගත කරන්න.. ඒත් මට කලින් ඉස්සර වුන පිනා රූම් එකේ දොර වැහුව විතරයි ඇදෙන් කොට්ටයයි බ්ලැන්කට් එකයි අරන් සෝෆා එකට වැටුන..
ඊයේ ඇදට රණ්ඩු වුන කෙනා අද වචනයක් නොකියා සෝෆා එකට වැටුනම මට අවුල් යන් නැද්ද..
" චෙෆ් ඇදේ නිදාගන්න.."
"................."
" නැත්තම් අත පෑරේයි... "
".................."
උත්තර නැහැ.. මම කතා කලේ බීරෙක් එක්ක වගේ..
අර කපල් එක ඉස්සරහ මාත් එක්ක කොයිතරම් ආදරේන් කතා කලත් ඒ එක වචනයක් වත් අවංක ඒවා නෙමෙයි රගපෑමක් විතරයි.. හරියට බැලුවොත් ඊයේ සිද්ධිය වෙන්න කලින් නන්යැන් මාලිගාවේ ඉන්නකොට මාත් එක්ක කතා කරන්න හිටපු එකම කෙනා පිනා විතරයි.. සැරෙන් සැරේ පෙනේ පිප්පුවට මාලිගාවේ ඇතුලේ මේ වෙනකන් පණ කෙන්ද රැකගන්න පුලුවන් වුනේ එයා හින්දා නෙමෙයිද..
ESTÁS LEYENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚