🐱 Chapter 12 🐱

1.5K 339 35
                                    

Xiao Zhan's P.O.V

කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා පිනා ෆෝන් එක ආන්සර් කලා..

📞 හෙලෝ..

ඒ ගැඹුරු කටහඩ ෆෝන් එකෙන් ඇහෙනවත් එක්කම මම ගොත ගහන්න ගත්තේ බයටම..

" අ..ලෝ චෙ.ප් මේ..මම.. "

📞 මම කියන එකෙක් මම දන්නේ නැහැ අයිසේ..නම කියනවා...

වෙනසක් නැහැ..ෆෝන් එකෙනුත් ගිරිය පලාගන්න යනවා..

" චෙ.ෆ් මම ජාන්.. අනේ චෙෆ් මම පොඩි කරදරයක..වැටිලා ඉන්නේ...උදව්වක් ඉල්ලගන්න කෙනෙක් නැති නිසයි චෙෆ්ට ගත්තේ..පුලුවන් නම් ## රෙස්ටුරන්ට් එකට එන්න චෙෆ් ලොකු උදව්වක්..ම්-"

සම්පූර්ණ විස්තරේ කියලා ඉවර වෙන්න කලින්ම පිනා කෝල් එක කට් කරද්දි මගේ බඩ පපුව පත්තු වුනා..

මට තිබුන අන්තිම බලාපොරොත්තුව...

එක අතකට එයා මොකටද මට උදව් කරන්න එන්නේ.. මම එයාගේ යටතේ වැඩකරන නිකන්ම නිකන් සේවකයෙක් විතරයි..සේවකයෝ කියන කියන පලියට බොස්ලා එයිද උදව්වට..

' ජාන්..උබ හරි මෝඩයි...'

පෙයි ෂීටයි , ෂාවෝටයි කොච්චර කෝල් කරන්න ට්‍රයි කරත් උන්ගේ ෆෝන් බිසි කියනවා..මීට පැය දෙක තුනකට උඩදි හොදට වැඩ කරපු ෆෝන් මේ වෙද්දි බීසි වෙන්න ෂුවර් එකටම මාව බ්ලොක් කරල..

' හෙන ගහපන් උන් දෙන්නට... '

එක එකාට කෝල් කරන්න ට්‍රයි කර කර විනාඩියෙන් විනාඩිය ගත වෙලා යනකොට රෙස්ටුරන්ට් එකේ උන්ටත් මං ගැන සැක හිතෙන්න අරගෙන තිබුන.. වේටර් දැන් දෙපාරක්ම මං ලගට ඇවිත් තව මොනවහරි ඕඩර් කරනවද කියලා සැකේට අහනකොට මම කිව්වා කෙනෙක් එනකන් බලාගෙන ඉන්නවා කියලා...

විනාඩි පහලවක් විස්සක් මේ වෙලාවේ කරන්න පුලුවන් හැමදේම ට්‍රයි කරලත් ඒවායෙන් වැඩක් නොවෙද්දි තවත් ඉදන් ඉදලා වැඩක් නැති නිසා මම ඉදන් හිටිය තැනින් නැගිට්ටේ මැනේජර්ව හම්බවෙන්න...

ඒත් එක්කම මගේ ඉස්සරහ හිටගත්‍ත කෙනාව දැක්කම මම සැනසුම් සුසුමක් හෙලුවා..

' පිනා... '

ටේබල් එක වටේම ඇස් අරන් ගියා එය මුකුත් නොකියම අතේ තිබ්බ බිල අරගෙන කාඩ් එක තියනකොට වේටර් ඇවිත් ඒක අරගෙන ගියා...







Black Cat ( YIZHAN FF ) ✔️✔️Dove le storie prendono vita. Scoprilo ora