Xiao Zhan's P.O.V
මම හිටියේ දවස් දෙකකට කලින් ලියාන්ව මීට් වුන තැන..පොකුන ලග..
' අද එයා නැහැනේ..හ්ම්ම්ම්..'
මම එතනට ආවේ අදත් මගේ ජුන්ව බලාගන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව උඩ..ඒත් වැඩක් නැහැ..එයා එතන හිටියේ නැහැ..
මේ දවස් ටිකේම කරන්නේ මොනවද කියලා කියන්න හරි උදේට උදේට පිනා ආවට අද එයත් නැහැ.. එදා එයා මට කෑම මේසේ ඉදගන්න දුන්නට අධිරාජ්‍යයා ඉන්නකොට මට අනිත් අය එක්ක ඉදගන්න හම්බුනේ නැහැ..කෑම හම්බුනේ රූම් එකට..
පිනා , මගේ ජුන් හැරෙන්න මාත් එක්ක වෙන කවුරුවත් මාත් එක්ක කතා කලෙ නැහැ..වැඩ කරන හැමෝම අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දුන්නා මිසක් මාව ගනන් ගන්න පාටක් නම් පේන්නම තිබුනේ නැහැ..
කණුවකට හේත්තුවක් දාලා ගැට්ටේ ඉදගත්ත මම ෆෝන් එක අතට ගත්තා..
අහ්..මට අලුත් ෆෝන් එකක් හම්බුනනේ..පිනා කිව්වා අර ෆෝන් එක කැඩිලා හින්දලු අලුත් එකක් ගෙනත් දුන්නේ..මට කමක් නැහැ කොහොමත් එයාලනේ මගේ ෆෝන් එක කැඩුවේ..අනික අර ලදරම හැම වෙලේම ස්ට්‍රක් වෙනවා..
හැබැයි වැඩේ කියන්නේ මගේ ජුන්ගේ ෆෝන් එකත් එයාලා අරගෙන.. ෆෝන් එක හම්බුනාට එයාට කතා කරන්න බැරි එක තමයි ලොකුම දුක..
මගේ ලොකුම ෂොක් එක වුනේ ෆලෝවර්ල්ස්ලා දෙසියක් විතර හිටිය Weibo එක මිලියන තිහක් පන්නලා තිබ්බ එක..ටික් ටොක් එකෙත් වැඩි වෙනසක් නැහැ..
මුලින්ම ඕක දැක්කම ෂොක් වෙලා මාව වැටෙන්න ගියාම අල්ලගත්තේ පිනා.. එයා කිව්වා ආයේ ටික් ටොක් දානවනම් පරිස්සමෙන්ලු..මිනිස්සු දැන් මම කරන හැමදේම බලාගෙනලු ඉන්නේ..පුංචි වැරැද්දක් ඇතිලු හැමදේම නැති කරන්න..
එයා කියන්න ඕනේ නැහැ..කොහොමත් මගේ ජුන් මට ඔය ටිකම කියලා තියෙනවා ම්ම්..
මට අම්මගේ නම්බර් එක මතක වුනත් කෝල් කලේ නැහැ...යුආන්ලට වුනත් මට විබෝ එකෙන් මැසේජ් දාලා තිබ්බ...ඒත් මම රිප්ලයි කලේ නැහැ..මාලේ කතන්දරයි , පිනාගේ ෆෝටෝසුයි, ඊයේ Elders home එකට ගිය ෆොටෝසුයි weibo එකේ ෂෙයාර් වෙන විදිහට දැනටමත් එයාලා ඔක්කොම සීන් එක දැනගෙන ඇති..එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙනවට වඩා හොදයි කතා නොකර ඉන්නවා..
![](https://img.wattpad.com/cover/321449318-288-k984916.jpg)
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚