🐱 Chapter 77 🐱

1.3K 277 31
                                    

Wang Yibo's P.O.V

වෙලාව පාන්දර දෙකයි හතලිස් පහ වෙලා තියෙද්දිත් නන්‍යැන් මාලිගාව මුරකරන ගාඩ්ස්ල හැරුනම අනිත් හැමෝම නිදි වුනත් මට නින්ද ගියේ නැහැ.. ඇත්තටම මට නිදාගන්න ඕන වුනේ නැහැ.. ඊයේ රෑ ඇදට ආවට මේ වනතුරු මගේ ඇස් පිය වුනේ නැහැ..

පිටතට නොපෙනුනාට කවදාවත් නැති ගානට මගේ පපුව ගැහෙනව.. අත් වලට දහඩිය දාලා..ගන්න හුස්මත් වෙනදට වඩා වේගවත්.. බයටම..

මීට කලින් කවදාවත්ම මම මෙහෙම දේවල් කරල නැහැ.. ඒකත් මගේම අයට..

" ඒත් මම ජාන්ට පොරොන්දු වුන.. "

ජාන් මම කියන කිසිම වචනයක් දැන් විශ්වාස කරන්නේ නැති එකෙන් මට වැඩක් නැහැ.. එයාට මේ වහලේ යටදි වුන දේවල් වලට මම පලිය ගන්නව.. එයාගේ කදුලු වලට හේතු වුන හැම එකාවම මම විනාශ කරන්න හිත හදාගෙන ඉවරයි..!මගේම උන් වුනත් උන් සෙල්ලම් කලේ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ ජීවිතේ එක්ක..

බොරුවට ඇදේ දිගා වෙලා හිටිය මම කෙලින් වෙලා නයිට් ස්ටැන්ඩ් එක උඩ තිබ්බ ඊයේ රෑ ඉදන් බීලා ඉතිරි වුන විස්කි බෝතලේ එක හුස්මට බීලා හති හරින්න ගත්ත..

' මේ වෙද්දි වෙන්න ඕන දේ වෙලා ඇති..'

ඇදගාවම තිබ්බ ස්ලිපර්ස් දෙක දාගෙන නයිට් රොබ් එකත් ගැටගහගත්ත මම මගේ කාමරෙන් එලියට ඇවිත් දක්ෂිණ මාලිගාවෙනුත් එලියට ඇවිත් නැගෙනහිර මාලිගාව පැත්තට ඇවිදගෙන ගිය..

ඉද්ද ගැහුව වගේ හැල හොල්මනක් නැතුව හිටන් ඉන්න ගාඩ්ස්ලා මාව දකිනකොට දෙකට නැමෙනකොට උන්ව නොදැක්ක ගානට මම නැගෙනහිර මාලිගාවට ඇතුල් වෙලා චීන වර්තමාන අධිරාජ්‍යයාගේ සිරියහන් ගබඩාවට යන පියගැට පෙල නගින්න ගත්ත..

" දැන් පැයක් වෙනව... "

කාමරේ දොර ලග හිටන් ඉන්න බොඩිගාඩ් එහෙම කියනකොට උත්තරයක් නොදී මම අතින් සන් කලේ එතනින් යන්න කියලා..
අන්දකාරය ගිලගෙන තිබුන කාමරයේ දොර අරින්වත් එක්කම මුලින්ම තිබ්බ ලයිට් එක ඔන් වුනා.. ඊටපස්සේ තියන අඩියක් ගානේම මුලු කාමරේම ලයිට්ස් ඉබේටම ඔන් වෙන්න ගන්නකොට මම සෝෆා එකත් පහුකරගෙන ගිහින් නැවතුනේ හතර දෙනෙක්ට වුනත් සැපපහසුව නිදාගන්න පුලුවන් සැපපහසු ඇද ලග..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Onde histórias criam vida. Descubra agora