Xiao Zhan P.O.V
හෙට මට ඉන්ටර්විව් එකක්.. කීවෙනි එකද මතක බැහැ හැබැයි සුවර් එකටම විස්සකට වැඩියි...
කට රසට උයන්න තිබ්බ උපන් හැකියාව නිසාම ඉගනීම මගදි නවත්තපු මම එකතු කරපු සොච්චමෙන් ඉන්ටර්නැෂනල් කුකරි සෙටිෆිකට් කෝස් එකක් කරන්න ගත්තා..
ගෙදර එව්න් ඒක දැනගත්ත වෙලාවේ ඉදන් මාව මරාගෙන කන්න හැදුවා කුලී වැඩක් නොකර කෝස් වලට සල්ලි යෙදෙව්වා කියලා.. ඊටපස්සේ ගෙදරින් මාව දොට්ට දැම්මා..
කොහොමත් මම කලින් හිටියේ ටිකක් ගම්බද පැත්ත නිසා නගරේ ඉදන්ම කෝස් එක කරන එක මට ලේසි වුනා..ඒත් කේස් එක වුනේ කූලී කාමරේට දෙන්නයි , ගෙදර උන්ට යවන්නයි , කන්නයි බොන්නයි පාර්ට් ටයිම් සල්ලි මදියි..හම්බකරන්න අමාරු වෙනකොට ඉස්කෝලේ දන්න එවුන් තුන් දෙනෙක් එක්ක එක බෝඩිමකට ගියා වියදම් වෙන ගාන හරි අඩු කරගන්න...
කෝස් එකනම් ඉවර වුනා... ඩිප්ලෝමා කරන්න සල්ලි නැහැ ..ඒත් කෝස් එක කරපු තැනින් පොරොන්දු වුන විදිහට අපිට ජොබ්ක් සෙට් කරලා දුන්නේත් නැහැ...උන් කෝල් කරන සැරයක් ගානේ මාව ඇන්දුවා..
අන්තිමට වුන් හොයලා දෙනකන් ඉන්නේ නැතුව මමම එකක් හොයාගත්තා කේක් ශොප් එකක...හැබැයි ඉතින් මාස දෙකයි..කඩේ බංකොලොත් මගේ ජොබ ෆිනිස්..ඊටපස්සේ බේකරියක ගියා...බේකරි කාරයා බැංකුවේ ණය ගෙවලා නැතුව ඒකත් ක්ලෝස් වුනා..ඒක තැනක් ගිනි ගත්තා..ඔය වගේ මොනවම හරි වෙලා මගේ ජොබ් ගහලා යනවා..අවාසනාව තමයි ඉතින්..
" ඒ බන් මම ෆෝන් එක චාර්ජ් ගහන්නද...?"
රූම් එකටම තිබ්බේ ස්විච් ප්ලග් එකයි.. වයර් කෝඩ් එක කැඩුනට පස්සේ එකෙක්ටවත් ආයේ එකක් සල්ලි දීලා ගන්න වුවමනාවක් තිබ්බේ නැහැ..උන් ඔක්කොම ඉන්නේ මම ගේනකන්..
" මගේ ලැප් එක තාම චාර්ජ් වෙලා නැහැ..."
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚