Author's P.O.V
ඇස් පිය නොහෙලා මුහුනට මුහුන බලන තරගෙකට ඇවිත් වගේ යිබෝ ජාන් දිහ බලන් ඉන්නකොට ඊට නොදෙවෙනි වෙන්න ජානුත් යිබෝ දිහා බලන් හිටියේ ' උබට ඕනේ නම් මුලින්ම කතා කරපන් 'කියන්න වගේ..
කොහොම හරි විනාඩියයි තප්පර තිහකට පස්සේ ජාන් කිව්ව දේ තේරුම් ගත්ත වගේ යිබෝ මුලින්ම කතා කල..
" කොහොමද ඔයාට.."
පතරංග ජාතකය වගේ කියන්න දේවල් හෙන ගොඩාරියා...ක් යිබෝට තිබ්බට කටින් පිට වුනේ ඔච්චරයි..
සාමාන්‍යයෙන් අවුරුදු ගානකට පස්සේ දකින කෙනෙක් අහන ප්‍රශ්නයක්ම යිබෝත් ජාන්ගෙන් ඇහුවත් ජාන් ඔයිට වඩා දෙයක් යිබෝගෙන් බලාපොරොත්තු වුන.. හැබැයි හරියටම ඒ මොකක්ද කියලා එයාටවත් තේරුම් ගන්න බැරි වුනා..
" මම නම් හොදින් ඉන්නව.. ඔක්කොටම කලින් මට මේ මිස්ටර්ගේ නම දැනගන්න පුලුවන්ද.. ?"
'මේ කාලේ පුරාවටම මට ගොඩක් ප්‍රශ්න වුන , මම තනියම හිටියේ' වගේ බහු බූත මුකුත් නොකියා එයාගේ තැන ජොබ් එකක් හොයන් ආව එක සාමාන්‍යය මිනිහෙක්ට කතා කරන විදිහට යිබෝට කතා කරන්න ජාන් තීරණය කලා..
ඒත් පලවෙනි වතාවට මීට් වුන කෙනෙක්ගෙන් වගේ එයාගෙන් ජාන් නම අහනකොට යිබෝ ටිකක් කන්ෆියුස් වුන..
" මගේ නම... ?"
" මගේ නම මම තමුන්ගෙන් අහන්නේ නැහැ නේද.. "
" යිබෝ.. "
" මොන යිබෝද..මුලට මැදට අගට කෑලි නැද්ද..."
" ඇයි මගේ නම දන්නේ නැද්ද..?"
" තමුසේගේ නම දැනගන්න ඇයි තමුසේ මයිකල් ජැක්සන්ද.. ඉන්ටවිව් එකකට මුහුන දෙන්නවත් දන්නේ නැහැ... මීට කලින් ජොබ් ඉන්ටවිව් එකට ගිහින්ම නැද්ද ඕයි..!"
" නැහැ මේක තමයි පලවෙනි එක... "
යිබෝ උත්තර දෙන්නේ අර ගල් මුහුනෙන් කිසි හැගීමක් පෙන්නන්නේ නැතුව.. ඒත් යිබෝගේ උත්තරේ ඇහුනම ජාන්ට හිතුනේ දිව හපන් මැරෙන්න..
' මේ මිනිහ වෙනස් වෙන්නේ නැහැ.. ඒ විදිහමයි..'
ඒත් යිබෝ යිබෝ මීට කලින් ජොබ් ඉන්ටවිව් එකකට මුහුන දීලා නැහැ කිව්වේ ඇත්තටමයි කියලා ජාන් දැනගෙන හිටිය.. මොකද ජොබ් එකක් වෙනුවට ජීවත කාලේම මේ මනුස්සයා කලේ බිස්නස්.. ඉතින් එහෙම එකේ අනිත් මිනිස්සුන්ව ඉන්ටවිව් කරල මිසක් කවදාවත් ඉන්ටවිව් එකකට මුහුන දීලා යිබෝට පුරුද්දක් තිබ්බේ නැහැ..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚