Author's P.O.V
" අලුත් ජොබ් එක නැගලම යනව වගේ..මාසයක් තිස්සේ දකින්නත් නැහැ..."
ඕපන් කරපු බියර් ටින් එක කාර් එකේ බොනට් එකට හේත්තුවක් දාන් ඉන්න යිබෝගේ අතට දුන්න ඩෙවෝන් තව එකක් ඕපන් කරලා ඒ ලගින්ම හිටගත්තා..
" ඔව්..ඔව්..නැගලා යනව කියන්නේ වැඩ ඉවර වෙලා එලියට එන්නේ නැතුව ඇතුලෙම නිදාගත්ත නම් හොදයි කියලා හිතෙනව.. "
" ඔහ්.වාව්..එහෙනම් බිස්නස් කෙරුවාව පැත්තකට කරලා දිගටම පිගන් හෝදයි වගේ.."
යිබෝගේ මුහුනෙන්ම පිගන් හේදිල්ලේ හොදකම පේන්න තිබුනත් ඩෙවෝන් තව ටිකක් අවුස්සන්න හිතාගෙන යිබෝට විහිලු කල..
" මුලු දවසේම හිටගෙන බන්..කන්න ඉදගන්න විනාඩි පහලව විතරයි.. ග්ලව්ස් වලට අත් දෙක තැම්බිලා... ග්ලව්ස් ගලවලා හෝදන්න ගන්නකොට අත් දෙක ගන්න දෙයක් නැහැ කැපිලා.. ඒ මදිවට කැඩෙන විදුරු වලට කියවන ඒවා.. මාසේ අවසානෙට දෙන්න මට පඩියක් ඉතුරු වෙයිද දන්නේ නැහැ.."
බියර් උගුරක් කටේ හලාගෙන වාහන එහේ මෙහේ යන පාර දිහාවට යිබෝ ඇස් දෙක යොමු කල..
ජාන්ගේ බ්ලැක් කැට් කැෆේ එකට වැඩට ගිහින් මේ ගෙවෙන්නේ හතර වෙනි සතිය.. පලවෙනි සති දෙකේම අලුතෙන් ආවා කියලා යිබෝට නිවාඩු හම්බුනේ නැති වුනාට අලුත් කියලා නොබලා වැඩ නම් හම්බුනා මදි නොකියන්න.. අද තමයි හුස්මක් ගන්නත් නිදහස හම්බුනේ..
ඒ දවසෙත් යිබෝ කලේ ඇද බදන් හොද නින්දක් දාපු එක.. රෑ වෙද්දි ඩෙවෝන්ගෙන් ආව කෝල් එක නොවෙන්න තුන් වේලටම නොකාම යිබෝට නින්ද යනව..
" මාත් කැෆේ එකක වැඩ කලා තමයි බන් ඒත් පැය දොලහක් දහතුනක් එක දිගට හිටගෙන වැඩ කරනව කිව්වම.. ඕවා ඔක්කොම ජාන් වෙනුවෙන් නේ කියලා ඉවසන් හිටියත් එයා හැසිරුන විදිහ තමයි බන් කාගෙන ඉන්න බැරි.. "
" ඇයි..මේපාර ඌ මොන පිස්සුවද කෙලියේ.... "
" මොප් කරලා ක්ලීන් කරපු ටයිල් එකට පැයක් යන්න කලින් මොනව හරි හලලා මට හරියට ක්ලීන් කරලා නැහැ කියලා කෑගහල ක්ලීන් කරව ගන්නව.. පිගන් හෝද හෝද ඉන්නකොට එතනට ඇවිත් ටේබල් ක්ලීයර් කරලා නැහැ කියලා කෑගහනව..ඒ කියලා ටේබල් ක්ලීයර් කරනකොට පිගන් ගොඩ ගැහිල කියලා කෑගහන.. සතෙක්ට වගේ බන් බනින්නේ.. මම ආවේ එයා වෙනුවෙන්ම කියලා දැනගෙනත් එයා ඕන කමින්මයි බන් මගෙන් පලිගන්නේ.. "
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚