Xiao Zhan's P.O.V
බෙහෙත් දාගමුයි කියලා ෂියාව එක්කගෙන ගියාට වෙලා තියෙන දේවලුත් එක්ක පොලිසියේ ඇන්ට්‍රි එකක් නොදා කිසිම හොස්පිටල් එකකින් ෂියාව භාරගන්න එකක් නැහැ කියලා මතක් වුනේ පස්සේ.. ෆර්ස්ට් එයිඩ් බොක්ස් එකකින් බෙහෙත් දාන්න තිබුන හීරිමක් දෙකක් වුනා නම්.. ඒත් මේක තනිකරම රේප් කේස් එකක්..අනික බඩේ ලමයෙකුත් එක්ක..
වුන දේවලුත් එක්ක බඩේ ඉන්න ලමයට කරදරයක්ද වුනාද කියලවත් ෂියා තාම දන්නේ නැහැ..
අන්තිමට මම ෂියාව අපි ගිය කැබ් එකේම තියල එදා මට බෙහෙත් කරපු ඩොක්ටර්ව හොයන් ගිය.. ලියාන්වත් , රාජකීය පවුලවත් ගාව නොගෙන ෂියා මගේ නංගි කියලා වෙච්ච දේ මම ඩොක්ටර්ට කියනකොට ඩොක්ටර් ෂියාට බෙහෙත් කරන එක එකහෙලා ප්‍රතික්ෂේප කල..ඩොක්ටර්ව කැමති කරගන්න දහසැරයකට වඩා මට ඩොක්ටර් ලග බැගෑපත් වෙන්න වුන..
ෂියා ප්‍රෙග්නට් වෙලා මාස එකහමාරක්ලු..ජීවත් වෙන්න තියෙන එකා ගලේ ගහලවත් මරණ්න බැහැ කියනවා වගේ ෂියාගේ බබට මුකුත් වෙලා තිබ්බේ නැහැ.. ඒත් ෂියා නම් හිටියේ හොද තත්වෙක නෙමෙයිලු.. කොහොමත් මුහුන බැලුවමත් ඒක පෙනුන.. ශාරිරිකවම වගේම මානසිකවත් එයා ගොඩක් දුර්වල වෙලාලු.. මානසික වෛද්‍යවරයෙක් ලගට ෂියාව ගෙනියන්න කිව්වා.. ඔය ඔක්කොටමත් කලින් පොලිසි යන්න කිව්ව..
ෂියාට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න බැහැමයි කිව්ව හින්ද බෙහෙත් විතරක් දාගෙන අපි දෙන්නා හොස්පිටල් එකෙන් එලියට ආවා..
" ම්.මට..ලියාන්ව හම්බවෙන්න ඕන..."
" ඔයාට විකාරද ෂියා..?"
බැක් Exit එකෙන් එලියට ඇවිත් කැබ් එක එනකන් බලන් ඉන්නකොට ෂියාට ලියාන්ව හම්බවෙන්න ඕන කිව්වම මට ටිකක් කේන්ති ගිය..
" මෙච්චර දෙයක් කරල තියෙද්දිත් ඔයා පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද ෂියා..! "
"මට ඒ තිරිසනව හම්බවෙන්න ඕනේ..!"
" හරි ඕනේ නම් යනව.. මම එන්නේ නැහැ...!"
මම යනව කිව්ව විතරයි තප්පරයක්වත් පරක්කු නොවී ෂියා මාව දාලා ඇවිදගෙන යන්න පටන්ගත්තා..
![](https://img.wattpad.com/cover/321449318-288-k984916.jpg)
BINABASA MO ANG
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚