🐱 Chapter 58 🐱

1.2K 291 58
                                    

Xiao Zhan's P.O.V

' ඒක වෙන්න බැහැ..එහෙම දෙයක් කීයටවත් වෙන්න බැහැ...'

මම එයාගේ මුලු ඔෆිස් එකම කන පිට පෙරලුවා.. හැම ෆයිල් එකක් ගානේම ඇද්දා.. ඒ හැම දේකින්ම කිව්වේ මට මුලදි හම්බුන දේමයි වෙනකොට මගේ සර්වාංගෙම වෙව්ලන්න ගත්තා..

" එ..යා..එයා..එ..හෙම..කො..හොම..ද... "

' සමහර විට එයාලා සහෝදරයෝ හින්ද වෙන්න ඇති..'

ඔව් එහෙම තමයි..එහෙම තමයි වෙලා තියෙන්නේ..

හිතට දැනෙන්නේ මොනවගේ හැගීමක්ද කියලා මට හිතාගන්න බැරි වුනා වගේම හිතන්නත් මට ඕනේ නැහැ.. මගේ ඔලුව නිකන් යකාගේ කම්මල වගේ.. එක එක විකාර එක පිට එක මනසට එනකොට කකුල් වලට හයිය අරන් ජුන් ගේ කාමරෙන් කෙලින්ම එලියට ගියේ අතේ තිබ්බ කොල කෑල්ලත් තද කරලා අල්ලගෙනම....

ජුන්ගේ කාමරේ නොදැන උන්නට ඊලගට යන්න ඕන කාමරේ තියෙන තැන මම කලින්ම දැනගෙන හිටිය..ඒක හින්දා ඒක හොයාගන්න මට කාගෙන්වත් උදව් ඕන වුනේ නැහැ..

විනාඩි පහක් යනකොට මම හිටියේ මට යන්න ඕන වුන කාමරේ ඉස්සරහ..සාමාන්‍යයෙන් ඇවිදගෙන ආවොත් මේ ගමට විනාඩි දහයක්වත් යනවා වුනාට ඇත්ත දැනගන්න තිබ්බ වුවමනාවට මම ජුන්ගේ කාමරේ ඉදන් ලියාන්ගේ කාමරේට දිව්වා.. උසේන් බෝල්ට් දිව්වේ රන් පදක්කම ගන්න වුනාට මගේ කකුල් වලට පන ලැබුනේ ඇත්ත දැනගන්න තිබ්බ වුවමනාවෙන්..

ජුන්ගේ කාමරය එයාගේ වැඩකරන කෙනාට කියලා ඇරගත්තට.. ලියාන්ගේ කාමරේ ඒ විදිහට ඇරගන්න පුලුවන් වෙයිද කියලා මම දැනගෙන හිටියේ නැහැ.. ඒත් මම හිටියේ දොර ඇරුන් නැත්තම් කඩාගෙන හරි ඇතුලට යනවා කියන අධිෂ්ඨානය උඩ..

ඒත් මට දොර කඩන්‍ යන්න ඕන වුනේ නැහැ.. දොර ඇරුනා.. මොනයම් හෝ හේතුවකට ලියාන්ගේ කාමරේ දොර ලොක් කරලා තිබුනේ නැහැ.. ඒත් ඒවට හේතු හොයන්න මට ඕන වුනේ නැහැ..ඒ වෙනුවට මට ඇත්ත හොයාගන්න පහසු වෙන එකට හිත යටින් මම සතුටු වුන..

ලියාන්ගේ කාමරේ කරක් ගහලා පුරුදු මම කාමරේට ඇතුලු වුන ගමන් කෙලින්ම ගියේ එදා දැක්ක ඔෆිස් කෑල්ලට.. ජුන් ඔටුන්න හිමි කුමාරයා වුනාට ෆර්නිචර්ස් ටිකයි , පෙයින්ට් කරලා තියන විදිහයි තව පොඩි පොඩි දේවල් ටිකක් හැරුනම ලියාන්ගේ එයාගෙයි කාමරෙයි එකම වගේයි..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now