Xiao Zhan's P.O.V
කැබින් එකෙන් එලෙව්වට ජොබ් එකෙක් දොට්ට දැම්මේ නැති නිසා මට අවුලක් වුනේ නැහැ..කොහොමත් ගන්නකොටම කිව්වනේ මිනිහගේ කන් කරච්චලේ අහන් ඉන්න වෙන එක...
බොසා ඇවිත් වැඩ කරනකොට මම ටිකක් පැත්තකට වෙලා පොඩි පොඩි වැඩ කර කර හිටියේ මිනිහා ලගට ලන් වුනොත් ආයෙත් හොදවැයින් අහගන්න වෙයි කියන බයට...
ඒත් මිනිහම අන්තිමට මට කතා කලා..
" මෙහෙට එනවා..මේ බිත්තර ටික කඩනවා.."
මට කියලා බිත්තර කඩා ගන්න..
බිත්තර පැක් තුනක් පැත්තකින් තියලා බිත්තර කඩන්න එක කප් කඩලා දාන්න තව කප් එකයි ලගට කරගෙන එක බිත්තරයක් ගත්තා කඩන්න..
ඒ ඔක්කොම කරනකනුත් මේ යකා මගේ දිහාම බලන් ඉන්නවා..
' වැඩක් කරනකොට කවුරු හරි බලන් ඉන්නකොට මගේ අත වෙව්ලනවනේ...'
බිත්තර දෙකක් හරි හිමින් කඩලා දැම්ම මම ඊලග බිත්තරේ අතට ගන්නකොට මේකා ආයේ කියවන්න ගත්තා..
" තමුසේ හෙන ලතාවක්නේ අයිසේ..ඔහොම නැලවුනොත් කේක් කන්න වෙන්නේ ලබන අවුරුද්දේ.. දියන් ඔය බිත්තර දෙක.. "
මම පැක් එකේ තිබුන බිත්තර දෙකක් ඒකට අරන් දුන්නා..
" අත් දෙකට බිත්තරේ ගානේ ගන්නවා..ඇගිලි දෙක මෙහෙම දෙපැත්තෙන් ප්‍රේස් කරලා මැද පොඩ්ඩක් භාජනේට තට්ටු කරලා කඩාගෙන ඇගිලි වලින්ම කට්ට දෙපැත්තට කරනවා.. "
මට කල්පනා වුනේ වෙන දෙයක්..
' සැක්..මගේ වල් හිත..'
" මොකද තමුසේ විරිත්තන්නේ.."
" අහ්..නැහැ.. මම කඩන්නම් චෙෆ්..."
චෙෆා කිව්ව විදිහටම අතට බිත්තර දෙකක් ගත්ත මම බොසා කිව්ව විදිහට පියවරෙන් පියවර කරන්න ගත්තා..
මගේ කරුමේ කියන්නේ වම් අත මට හුරු නැහැ... අත වෙව්ලලා කඩපු බිත්තරේ කට්ට බිත්තර එකේ...
' පුතෝ උබ ඉවරයි... '
ඔලුව උස්සලා බලනවා විතරයි මතක මුහුනේ බිත්තරයක්..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚