🐱 Chapter 75 🐱

1.1K 273 42
                                    

Wang Yibo ' s P.O.V

හරියටම දවස් දෙකක් මම ඒ කාමරේ හිර වෙලා හිටිය.. නැහැ හිර වෙලා නෙමෙයි මාව හිර කරන් හිටිය.. කොරියා ඇවිත් අපි නතර වුනේ ඉයුන්ගේ පවුලට අයිති විලා එකක.. ඒක නිසා මේ වැඩ හැමදෙයක්ම වගේ වුනේ උන්ට ඕන විදිහට..

රූම් එකටම වෙනමම ෆිජ් එකක් පවා තිබ්බ නිසා අඩුම කෑම දෙන්න කියලවත් මුන් එකෙක්වත් කාමරේ ඇතුලට ආවේ නැහැ.. පලවෙනි දවසේ උදේ නැගිටලා ෆෝන් එක ලග නැහැ කියලා දැනගත්ත ගමන් පුලුවන් තරම් මම කලේ මාව එලියට ගනින් කියලා එලියෙන් ලොක් කරලා තියෙන දොරට තඩි බෑව එක.. ඒත් ඒකට එක ප්‍රතිචාරයක්වත් මට ලැබුනේ නැහැ..අඩුම දොරෙන් එලියේ කවුරුවත්ම නැහැ වගේ උන් හැසිරුනේ.. කොටින්ම ජනේලයකින්වත් පැනලා යන්න බැරි වෙන්න මුන් මම නිදි අතරේ හැමදේම ලොක් කරලා තිබුන..

ජාන්ට මොකක්ම හරි කරදරයක් කියලා තවදුරටත් මගේ හිතේ තිබුනේ සැකයක් නෙමෙයි.. මුන් හැසිරුන විදිහෙන් ඒක සීයට සීයක් මට තහවුරු වුන..

දවස් දෙක ඉවර වෙනකොට මම මුලු කාමරේම අනිත් පැත්ත හරවල තිබ්බේ.. කඩන්න පුලුවන් හැම බඩුවක්ම පොලවේ ගෑවා.. බිදුන ෆ්ලවර් වාස්  ,  ටේබල් ලෑම්ප් , වැඩ කරන්නේ නැති ටීවි එක පවා මම කඩලා දැම්ම..මේ දවසේ දෙකේම මම හිටියේ ගොන් පොරයකට ගිහින් හති හරින කුලු හරකෙක් ගානට..

බිදුනු විදුරු කටු ගොඩේම මම ඉදන් ඉන්නකොට තුන් වෙනි දවසේ දවල් මම හිටපු කාමරේ දොර ඇරුන..

කෑම ට්‍රේ එකක් අතින් අරගෙන ඇතුලට ආවේ ඉයුන්..

" බෝ.බලන්න මම ඔයාට කන්න ගෙනා- ආව්..!"

වතුර මහ කදක් හිර කරන් ඉන්න වේල්ලක බැම්ම කඩන් යනව වගේ ඉයුන්ව දැක්ක ගමන් දවස් දෙකේම පිට කරන්න බැරි වුන කේන්තිය දෙගුණ තෙගුණ වෙනකොට කැඩුනු විදුරු උඩින්ම කිසිගානක් නැතුව අඩිය තියලා ඉයුන්ට ලං වුන මම අත දිගහැරලා ඉයුන්ගේ කනට ගැහුව..

අතේ තිබුන ටේ එකත් එක්කම බිම ඇදගෙන වැටුන ඒකිට මම වචනයක් කතාකරන්න නොදී කොන්ඩෙන් අබරලා අරන් දෙවෙනි තුන් වෙනිපාරටත් මාරුවෙන් මාරුවට ගහගෙන ගහගෙන ගිය..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Donde viven las historias. Descúbrelo ahora