Xiao Zhan's P.O.V
' 11:56 '
තව විනාඩි හතරකින් මට අවුරුදු විසි දෙක ලබනවා..
කවදාවත් නැතුව අද මට නින්ද ගියේ නැහැ.. වෙන අවුරුදු වල අද දවසත් අනිත් දවස් වගේම කිසි විශේෂයක් නැතුව ගෙවිලා ගියාට අද මගේ හිත එයාගෙන් විශ් එකක් බලාපොරොත්තු වුනා..පොඩිම කාලේ නර්සරියෙදි ටීචර් මාව පන්තිය ඉස්සරහට ගෙනත් හැම ලමයෙක්ටම මට විශ් කරන්න කිව්ව වතාවේ හැරෙන්න මගේ උපන්දිනේ කාගෙවත්ම මතකේ තිබ්බේ නැහැ.. එක්කෝ දැනන් හිටපු එව්න්ටත් මට විශ් කරන්න වුවමනාවක් තිබ්බේ නැහැ...
අර හැරි පොටර් වැලි කේක් එකක් ඇදලා එයාගේ උපන්දිනේ එයාම සැමරුවා වගේ දවස් මටත් තිබ්බා.. හැරීට හැග්‍රිඩ් හරි හිටියා කේක් දෙන්න..ඒත් මට..මට කවුද හිටියේ..?
' කවුරුවත්ම නැහැ..'
ජුන්ට වුනත් මම විශේෂයෙන්ම කියලා නැහැ අද මගේ බර්ත්ඩේ එක කියලා ඒත් මගේ හිත කියනවා එයා මට අද විශ් කරයි කියලා..
මුලු ඇගම වැහෙන්න ඔලුවේ ඉදන්ම ඉරි ඉරි බෙඩ් ෂීට් එක පොරවන් හිටිය මම ෆෝන් එක දිහා බලාගෙන හිටියා..
හරියටම 11:59 -12:00 කියලා වෙනස් වෙද්දි එයාගෙ කෝල් එක එනකොට මට දැනුන හැගීම විස්තර කරගන්න බැහැ..
' එයා දන්නවා..!'
" Happy Birthday My Love.. "
කෝල් එක ආන්සර් කරපු මුල්ම තප්පරේම එයා මට විශ් කරනකොට මගේ මුහුන හිනාවකින් පිරුනා..ඒ වගේම ඇස් වලට කදුලු ඉනුවා..
" ඔ..ඔයා දන්නවා.."
" මතක නැද්ද ජොබ් එකක් හොයන්න මට එව්ව බයෝ ඩේටා එක.. එකෙන් දැනගත්තේ.. ඉතින් කොහොමද මම මගේ බ්ලැක් ප්‍රින්ස්ගේ බර්ත්ඩේ එක එහෙම අමතක කරන්නේ.."
මම කතා කලේ නැහැ..මට කතා කරගන්න බැරි වුනා.. කදුලු බින්දු ඇස් වලින් ගිලිහිලා කම්මුල් දිගේ පහලට යනකොට බුරුල් වුන නහය මම චුරුස් කියලා උඩට ඇද්දා..
" ඒයි ජාන් ඔයා අඩනවද.."
" ම්.මට සතුටුයි..මම බොලදයි කියලා හිතෙයි..කෙනෙක්ට ඒක නිකන්ම වචන ටිකක් වෙන්න පුලුවන්..ඒත් ඒ වචන ටික මට ගොඩාක් වටිනවා..ජුන්..කවුරුවත් මට මෙහෙම විශ් කරලා නැහැ..."
أنت تقرأ
Black Cat ( YIZHAN FF ) ✔️✔️
أدب الهواةDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚