🐱 Chapter 92 🐱

1.2K 277 50
                                    

Author's P.O.V

තනි කලු ෆුල් සූට් එකක් ඇදගෙන උදේ දහයට තියෙන වෙඩින් එකට යන්න ජාන් මේ ලැස්ති වෙලා ඉන්නේ පාන්දර පහේ ඉදලා.. තනි කලු ෆුල් සූට් එක නීට් එකට අයන් කරලා ජාන්ටම ෆිට් වෙන්න ලස්සනට තිබ්බට ජාන්ගේ මුහුනෙන් නම් පේන්න තිබුනේ වෙනමම ස්වරූපයක්..

අවුල් වුන කොන්ඩේ.. හරි හැටි නින්දක් නැති කමට ඇස් වටේ කලු වෙලා.. ඇස් වල තෙතමනය වේලිලා ගිහින් ඇස් රතු වෙලා.. මුලු මුහුනම අදුරු වෙලා.. ජාන්ගේන් තනිකරම පේන්න තිබුනේ ලෙඩ මුහුනක්..

ඊයේ රෑ ඉදන් එක විනාඩි දහයක් හරි හැටි ඇස් පියා නොගත්තට පින් සිද්ද වෙන්න ජාන්ට ඔහොම වෙලා තිබුනා.. කොටින්ම ඊයේ රෑ ඉදන් නෙමෙයි යිබෝව හේස් තව දවස් දෙකකින් මැරි කරනවා කියලා කිව්ව මොහොතේ ඉදන් ජාන්ට හරි හැටි නින්දක් තිබුනෙම නැහැ.. නින්ද ගියත් එකින් එකට වෙනස් භයානක හීන පේනකොට නින්දේන්ම එයා අඩන්න ගන්නව.. බය වෙලා ඇහැරෙනව..

ඉතින් ඒක නිසා ඊයේ මුලු රෑම එයා  නිදාගන්නේ නැතුව සෝෆා එකට වෙලා නිදි මැරුවා..

ගෙවිලා ගිය දවස් දෙකේම ජාන්ගේ හිතේ කැරකුනේ දේවල් දෙකක් ගැන විතරයි.. එකක් යිබෝගේ කසාදේ.. අනිත් එක යිබෝට කෝල් එකක් ගමුද නැද්ද කියන එක..

මේ දැනුත් ජාන් හිටියේ ෆෝන් එකේ යිබෝගේ නම්බර් එක දිහා බලාගෙන..

ජාන්ට තිබුනේ ඒ සේව් කරපු නම්බර් එක ටච් කරලා එක කෝල් එකක් විතරක් ගන්න වුනාට ඒ දේ කරන්න තරම් එයා ශක්තිමත් වුනේ නැහැ.. එයාට යිබෝට කෝල් එකක් ගන්න ඕන ඒත් එතනින් පස්සේ වෙන දේවල් භාර ගන්න ජාන් බය වුන..

" උබට ඔය මගුල දිහා බලන් ඉදලා ඇති වුනේ නැද්ද.. "

ඩෙවෝන් ජාන්ගේ කාමරේට ඇවිත් ජාන් දිහා බලන් ඉන්නේ විනාඩි ගානක ඉදන්.. ඒත් ජාන්ට ඒ ගැන වගේ වගක් නැතුව ෆෝන් එක දිහා බලන් භාවනා කරනව..

ඩෙවෝන් හිටියෙත් යිබෝගේ වෙඩින් එකට යන්න ෆුල් සූට් එකක් ඇදලා රෙඩි වෙලා.. එයා ජාන්වත් එක්කගෙනම එතනට යන්න ආවේ නැත්තම් ජාන් යිබෝගේ වෙඩින් එකට තනියම එන්නේ නැති වෙයි කියලා බයේ..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now