🐱 Chapter 53 🐱

1.2K 303 64
                                    

Xiao Zhan's P.O.V

කලු ගලක් උරහිසෙන් තියලා වගේ දැනුන බරත් එක්ක පියවෙලා තිබ්බ මගේ ඇස් ලාවට ඇරුනා...කර්ටන්ස් වහලා තිබ්බත් අතරින් පතර කාමරේට එන හිරු එලියෙන් උදේ වෙලා කියලා තේරෙනකොට ඉන්නේ කොහෙද කියලා මුලින්ම මට හිතාගන්න බැරි වුනා..

නින්දෙන් ඇහැරුන ගමන් නිකන් කුඩු ගහලා වගේ ඇස් ඇරගෙනම තියාගන්න හැමදාම උදේට කොහොමත් මට විනාඩි පහක් හයක් යනවා.. සාමාන්‍යයෙන් වෙන්නේ ඇස් ඇරලා ෆෝන් එකෙන් වෙලාව බලලා ආයේ එතනම වැටිලා තව විනාඩි පහක් දහයක් නිදාගන්න එක වුනත් උරහිස් බරවෙන්න හේතුව දැක්කම මගේ නින්ද කොහෙන් ගියාද දන්නේ නැහැ..

මගේ උරහිස කොට්ටේ කරගෙන ඇග වටේ අතත් දාගෙන පිනා සැපට නිදි..! කාගෙන ඉන්න බැරි වැඩේ කියන්නේ මාත් නිදන් තියෙන්නේ එයාගේ ඇග උඩ කකුල දාන්..

එතකොට තමයි ඊයේ උන දේවල් මතකෙට ගලාගෙන ආවේ..

පිනා පාපොච්චාරෙනය කර කර පොඩි එකෙක් වගේ ඇඩුවා මම බදාගෙන සැනසුවා.. ඒත් ඇදේ නිදාගන්නවා වගේ දෙයක් මට මතක නැත්තේ ඇයි...

දසමයක්වත් එහෙ මෙහෙ නොවී ඇස් දෙක විතරක් හරවලා මම නිදාගෙන ඉන්න පූස් පැටියා දිහා බැලුවා..බෙල්ලට දැනෙන බර හුස්ම වලින් මිනිහා සැප නින්දක කියන්න පුලුවන් වෙනකොට ඒ සන්සුන් මුහුන දැකලා මට ලාවට හිනා ගියා..

මේ මනුස්සයා මෙච්චර සන්සුන්ව සාමකාමීව ඉන්නව මම දැක්කමයි..බලන්න එපැයි තියෙන හුරතල් පාට.. කටත් පොඩ්ඩක් ඇරන් නිදන් ඉන්න විදිහ.. නිදාගෙන ඉන්නකොටත් perfect..මෙයා තරම් ලස්සන නලුවෙක්වත් අපේ රටේ මම දැකලා නැති තරම්...ඒත් ඉතින් ඇස් ඇරගෙන ඉන්නකොට පුලුවන් තරම් කරන්නෙම ගිරිය පුප්පන් කෑගහන එකනේ..

එක්කෝ මෙයාට හැමවේලේම කේන්ති යන්නේ එයා ඉන්නේ පීඩනෙන් හින්ද වෙන්න ඇති.. පොඩි කාලේම තාත්තා වෙන ගැනියෙක් ගත්තා , අම්මා තාත්තාගේ රණ්ඩු , තාත්තා මැරුන එක , බලය වෙනුවෙන් අනුන්ගේ අතකොලුවක් වෙන එක කුමාරයෙක් වුනත් එයා ඒ කාලේ පොඩි ලමයෙක්නේ.. ලමයෙක්ට ඒ දේවල් බර වැඩියි.. හරි නම් අම්මා නැති ලමයෙක්ගේ ඊලග අම්මා අම්මගේ නංගි වුනත් එයාගේ පුංචිම අම්මව පොඩ්ඩ පොඩ්ඩ වහ දීලා මැරුවා කිව්වම මොනව හිතෙන්න ඇතිද.. අහපු කරපු දේවලුත් එක්ක මෙයාගේ හැසිරීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now