Xiao Zhan's P.O.V
" අහ්..!මහ්ම්ම්ප්ප්ම්ම්..."
ෂියාගේ පස්සෙන් දුවන්න හදපු මාව ඇදලා ගියේ වෙන කාමරයක් ඇතුලට වෙනකොට මම කෑගහන්න හැදුවා.. ඒත් මට කලින් ඉස්සර වුන එකා මගේ කට වැහුවම මම හැදුවේ දගලන්න වුනාට මාව ඇදලා ගත්ත එකාව දැක්කම කන්ෆියුස් වුනා..
" කෑගහන්න එපා..මේ මම.."
'ජුන්..?'
මහ විසාල කාමරේටම හිටියේ මමයි එයයි විතරක් වුනත් මිනිහා මට කතා කලේ රහසින්..කාට හරි ඇහෙයි වගේ..
"ම්ම්ම්.හ්ම්ම්ම්...ම්ප්.."
" මොකක්ද.. ?"
"හ්ම්ම්.ම්ම්ම්..."
" කියන දෙයක් තේරෙන්න කියනවකෝ.."
එයා තාමත් හිටියේ කාමරේට ඇදලා ගත්ත ගමන් දොරට හිරකරන් හිටපු විදිහටමයි.. මගේ මුහුනට නූලක දුරින්..
මට කියන්න ඕන වුන දේ එයාගේ අතට මගේ කට වැහිලා හින්දා කියාගන්න බැරුව මම දගලනකොට මේකා මොකක්ද කියන්නේ කිය කිය කටෙන් අත අහකට නොගෙනම අහනව..
මම උපරිම ශක්තිය යොදලා මිනිහව තල්ලු කරලා නහය පිරෙන්නම හොද හුස්මක් ගත්තෙ දොරට හේත්තු වෙලාමයි.
" කට වහගත්තම කොහොමද මිනිහෝ කතාකරන්නේ..!"
" ඔහ්..හී..හී..සොරි.. "
පිනා බෙල්ල අතගාගා මෝඩ හිනාවක් දුන්නේ දැනුන ලැජ්ජාව වහගන්න..
" මොකටද මාව ඇදලා ගත්තේ.. මේ දොර අරිනවා..මට යන්න ඕන.. "
" කොහේ යන්නද මට කතා කරන්න ඕන..."
"තමුන්ගේ කට නේ තමුන්ට ඕනේ නම් ඉතින් කතා කරනවා.. මම නැවැත්තුවේ නැහැ.. ඒත් මට අහන්න ඕනේ නැහැ.. "
" බ්ලැකී.. දැන් ඇයි කේන්තියෙන්..?"
මගේ කට කොනට ආවේ සමච්චල් හිනාවක්..
" අපෝ නැහැ.. මම කොහොමද රාජකුමාරයෙක් එක්ක තරහ වෙන්න.. මම යනවා.. "
මම හැදුවේ දොර ඇරගෙන එලියට යන්න වෙනකොට එයා ආයේ වතාවක් මාව දොරට තදකරගත්තා.. හෙල්ලෙන්නවත් බැරි වෙන්න..
" දැන් ඔය පුපුරන්නේ ඊයේ වුන දේටනම් මට සමාවෙයන් ජාන්..උබට බනිනකොට උබට වඩා රිදුනේ මට.. ආදරෙයි කියන්න ඕන කටින් බනින්න වුනාම අසරණ වෙන හැටි දන්නේ මම විතරයි ජාන්.. "
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚