Wang Yibo's P.O.V
" මේ පාර කෙලවර හම්බවෙන අන්තිම ගෙදර සර්.."
" මෙතනින් එහාට මම තනියම යන්නම්.. "
පොඩි බයික් කට්ටකට හැරෙන්න මම ආව කලු පාට බෙන්ස් එක තවදුරටත් ඒ බොරලු පාරේ අරගෙන යන්න බැරි වෙනකොට මාත් එක්ක ආව ඩ්‍රයිවර්වයි බොඩිගාඩ්වයි වාහනේ ලගම නතර කරල මම වාහනෙන් එලියට ආව..
කොන්ක්‍රිට් කියලා දෙයක් ගෑවිලාවත් නැති බොරලු පාරේ තැනින් තැන අලි අඩි වලවල්.. අව්කාෂ්ටයත් එක්ක එන වේලුන හුලන් පාරේ දුවිලි අවුව්ස්සගෙන යන්න ගියේ මගේ කලු සපත්තු වලත් දුඹුරු පාටට දුවිලි අංශු නවත්තල.. මම ජීවත් වුන අවුරුදු තිහටම මේ වගේ පාරකට අඩිය තිබ්බ පලවෙනි වතාව.. ඉස්තරම්ම වාහන හයිවේ වල ඩ්‍රයිවි කරන මම මේ වගේ තැනකට පයගාන්න ජීවිතේට හිතලා නැහැ..අඩුම ආසාවකට ඇවිත් බලන්න ඕන කියලා මට හිතිලවත් නැහැ..
ඒත් අද මට එන්න වුන.. මගේ කොල්ල වෙනුවෙන්..
දකුණු කොරියාවේ ඉදන් චීනේට අද පය ගැහුව ගමන් මගේ පොරොන්දුව ඉෂ්‍ඨ කරන්න සීයා පපා අවසර දුන්න.. ජාන්ව බලන්න හරියටම පැය දෙකක්..අවසාන වතාවට..
හිත ඇතුලේ යකාගේ කම්මල වගේ වුනාට පිටතින් කිසි කලබලයක් නැති ගානට මම හිමින් මීටර් තුන්සියක් විතර ඇවිදගෙන ගිහින් මට ඕන තැන නතර වුන..
තනි තට්ටුවේ උලු සිවිලි කරපු පොඩි ගෙයක්.. දියසීරා බැදුනු උලු වගේම දුර්වණ වුන බිත්ති අවුරුදු ගානකින් ඒ ගේ රෙපයාර් කරලා නැහැ කියලා පෙනුන.. අඩුම තින්ත ටිකක්වත්..
කාර් එකේ එනකොට සරුසාර ගොයම්වතු වගේම මිනිස්සු ජීවත් වෙන ගෙවල් ගනනාවක් පහු කරගෙන ආවට ගමේ කොනක මේ හරියට තිබුන එකම ගේ මේක විතරක් වුන.. ඒක හින්දමයි මට මෙතන හොයාගන්න අමාරු නොව්නේ..
දිග ගස් අතු වලින් හදලා තිබ්බ පොඩි වැට උඩින් පැන්න මම මිදුල දිගේ ඇවිදගෙන ගිහින් වේයෝ කාපු දොරට තට්ටුවක් දැම්ම..
" කවුද..."
ගේ ඇතුලෙන් ඇහුනේ ගැහැනු කටහඩක්..ඒත් දොර ඇරියේ නැති තැන මම දෙවෙනි වතාවටත් දොරට තට්ටුවක් දැම්ම..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚