🐱 Chapter 62 🐱

1.2K 297 62
                                    

Xiao Zhan's P.O.V

" ඒත් ජාන් ඔයාට තිබ්බේ මම කියපු Brooch එක සෙලෙක්ට් කරන්න.. ෂික්..!අර වැඩකරන එවුන් ඉස්සරහ මම හරියට ලැජ්ජා වුන.."

" ගිෆ්ට් එකක් තෝරන්න කියලනේ ඔයා මාව එක්කගෙන ගියේ ඉයුන්..මම කලේ ඔයාට ඕන වුන දේම තමයි..."

මුලින් යන්න අදිමදි කලාට ගිහින් වුන දේවලුත් එක්ක මගේ හිතට පොඩි ජවයක් ආවා.. අර මැලවුන පැලයකට වතුර දැම්මා වගේ...

' ආවා මෙතන මගේ අයිතිවාසිකම් ගන්න...'

මටත් ඔරවන් ඉයුන් පුපුර පුපුර එයාගේ බොඩිගාඩ්ස්ල දෙන්නා එක්ක මාවත් දාලා යන්න ගියාට මම කාර් එකට ගියේ නැහැ.. ඒ වෙනුවට සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියෙන ඇදුම් ෂොප් එකට..

ඉයුන් ජුන්ට ගිෆ්ට් එකක් ගත්තට මම ගත්තේ නැහැ නේ..

එයා කියලා නොදන්න කාලේ වුනත් ජුන් විදිහට මගේ උපන්දිනේය එයා ගිෆ්ට් එකක් දුන්නා.. සල්ලි වලින් නිම කරන්න බැරි තරමටම වටින තෑග්ගක්.. ඉහටත් උඩින් මොනතරම් වැඩ තිබුනත් මං වෙනුවෙන් කාලේ වෙන් කරලා එයා මට පොඩි පොඩි ලියුම් ගොඩක් දුන්නා..

' අනේ මට ඒක මං ලග තියෙනවනම්.. '

මට ඒක හරියට මතක් වෙනවා..බෝඩිමේදි මගේ ලග තිබුන එකම දෙයක්වත් දැන් මං ලග නැහැනේ කියලා මතක් වෙනකොට මට දුක හිතෙනව...

එයා ඒ තරම් වටින තෑග්ගක් මං වෙනුවෙන් දීපු එකේ තරහ වෙලා හිටියත් තෑග්ගක් නොදුන්නොත් මගේ තත්වෙට හොද නැහැ නේ..ඒකයි..හ්ම්ක්..

හොදට ප්ලෑන් කරලා හොදම තෑග්ග එයා වෙනුවෙන් මට ගන්න ඕන වුනත් මේ සතිය ඇතුලත ආයේ මට නන්‍යැන් මාලිගාවේන් එලියෙන් පනින්න පුලුවන් වෙයි කියලා නොදන්න හින්දා මේක තමයි මට ගිෆ්ට් එකක් ගන්න ලැබෙන හොදම අවස්ථාව..

එයාට ගන්න ඕන දේ කාර් එකේ එනකොටම ප්ලෑන් කරන් මම ආවේ.. ඒකමයි මම ෂොප් එකට ගියේ..

ජුවලරි ෂොප් එකේදි ලැබුන උණුසුම් පිලිගැනීමම මෙතනදිත් මට ලැබෙනකොට මම ඒ හැමෝටම මදි නොකියන්න හිනාවක් දුන්නා.. වැඩ කරන්න හිටිය සමහරු මගේ ෆෝටෝස් ගන්නවත් මම බලාගෙන..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now