Xiao Zhan's P.O.V
පහු වෙනිදා උදෙන්ම කැෆේ එකට ගිය මම පිනා එන්න කලින්ම කොටුව ඇතුලේ දණගහන් හිටියා.. කොහොමත් දණගහන්න වෙන එකේ කියන්න කලින්ම කලොත් කේන්තිය ටිකක් හරි නිවෙයිනේ හිතුවා..
" ජාන් අන්න උබට චෙෆ් කැබින් එකට එන්න කිව්වා.. "
වෙනදාට කිචන් එකට ඇවිත් යන කෙනා අද කෙලින්ම කැබින් එකට ගිහින් ස්ටාෆ් එකේ කෙනෙක්ගේ අතේ මට එන්න කියලා පණිවිඩයක් එවලා..
' ඉවරයි..අද නම් උබ ඉවරයි පුතෝ...'
බඩේ නිකන් ආප්ප බාස් කෙනෙක් බිත්තර ආප්ප දානවා වගේ.. බයට බඩ පපුව පත්තු වෙනවා..
කැබින් එක ඉස්සරහටම ආව මම චෙෆාට මුහුන දෙන්න හයියක් නැති කමට දොරට තට්ටු නොකර දොර ඉස්සරහ එහාටයි මෙහටයි ගියේ ඇගිලි වල නියපොතු හපන ගමන්..
කන්න නියපොත්තකුත් නැහැ ඒත් බයට නියමලත් හැපෙනවා..
" ඔය දොර ලග මුර නොකර ඇතුලට එනවා..."
පිනාට මම දොර ලග ඇවිදින එකත් දැනිලා මට ඇතුලට එන්න කිව්වා..
හොද හුස්මක් අරන් කොන්ද කෙලින් කරගත්ත මං පපුවත් ඉස්සරහට දාන් දොර ඇරන් ඇතුලට ගියා..
හැබැයි ඒකව දැක්කා විතරයි හුස්ම වාෂ්ප වෙලා පපුව පිටට ඇලුනා..
එයා පලවෙනි දවසේ දැක්ක විදිහටම මේසේට හේත්තු වෙලා ෆෝන් එකෙන් මොනවද බලවා... එයාගේ ෆෝන් එකෙන් සිංදුවක් දාලද කොහෙද මියුසික් එකත් එක්ක කවුරු හරි දිවුල් ගෙඩියක් උගුරේ හිරවෙච්ච බූරුවෙක් වගේ බෙරිහන් දෙනවා..
" අනේ චෙෆ් මට සමාවෙන්න...මම මගේ වැරැද්ද පිලිගන්නවා.. "
මම ඔලුව නවලා සමාව ඉල්ලුවත් මේකා නෙමෙයි ඔලුව උස්සලා මගෙ දිහ බැලුවේ ..පිනා ෆෝන් එක දිහා බලන් හිටියේ වශි වෙලා වගේ...
" චෙෆ් ඊයේ උන දේට සමාවෙන්න... "
මම ආයේත් සමාවෙන්න කිව්වට ඒකා තාමත් ෆෝන් එකෙන් ඇස් ගත්තේ නැති වුනාම මට පොඩ්ඩක් තද වුනා..
" මේ චෙෆ්..ඔය ලෙඩ කුකුලා පණ අදින එක පස්සේ වෙලාවක බලලා මට දෙන දඩුවමක් දෙනවද...මට කරන්න තව වැඩ තියෙනවා.. "
ESTÁS LEYENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚