🐱 Black Cat 91 🐱

1.1K 270 23
                                    

Author's P.O.V

ජාන් යකාගේ කම්මල වෙලා තිබ්බ හිත වෙන පැත්තකට යොමු කරන්න හිතන් කැසිනෝ එකට ගියාට ඒ යකත් කැසිනෝ එකේ ඉන්නව දැක්කම ජාන්ට හිතුනේ කලු ගලක් බෙල්ලේ  බැදන් මුහුදට පනින්න..

ජාන්ට එක වෙලාවකට හිතුනා යිබෝ අතුරුදහන් වෙලාම හිටියනම් ඉවරයි කියලා.. එහෙනම් ඉතින් දුක් වෙන්න ඕන කොහෙද ඉන්නේ හොදින් ඉන්නවද කියන එක ගැන විතරයි නේ..

ඒත් දැන්.. කොහෙද යන කුණ්ඩවාලයකුත් පටලවන් ඒකිත් එක්ක මොන ජවුසම නටනවද කියලා හිත හිත දුක් වෙන්නත් ඕන..

අනිත් අතට උන් ඕන කුදයක් ගහගත්ත දෙන් කියලා පැත්තකට වෙන්න හදනකොට මුන් කරන්නේ පස්සෙන් ඇවිත් කට්ටෙන් අනින එක..

" මාත් ඔට්ටු තියනව.."

ජාන් හිටිය Roulette wheel එකට ඇවිත් යිබෝ කොයින්ස් තියෙනකොට ජාන් ඔලුව උස්සලා යිබෝ දිහා බැලුව..

ජාන් කැසිනෝ එකට ආවේ යිබෝටත් කලින්..  හේස් එක්ක යිබෝ කැසිනෝ එකට එන එක, ඩ්‍රින්ක්ස් ගන්න එක ,දෙන්නට දෙන්න පුංචි පුංචි හාදු තියන එක , හිනා වෙවි කියවන ඒවා ජාන් දැක්කත් නොදැක්කා වගේ හිටිය... ඒත් ජාන් ඒවාට රියැක්ට් කරන්න ගියේවත් එතනින් යන්න ගියේවත් නැහැ.. මොකද එහෙම කලොත් වෙන්නේ ජාන් තාම එයා ගැන හිතනව කියලා යිබෝ දැනගන්න එක.. යිබෝට එහෙම හැගීමක් දෙන්න ජාන්ට ඕන වුනේ නැහැ.. ජාන්ට ඕන වුනේ එයා එදා කැෆේ එකේදි යිබෝගේ මුහුනට කිව්ව වගේ ' උබ මෙතන හේස් එක්ක හැ#$% මට වැඩක් නැහැ ' කියලා පෙන්නන..

ජාන් ඒ දේ කලා.. යිබෝ හේස්වත් ඇදගෙන බලෙන්ම එයා හිටිය තැනට එනකන්..

හේස්ගේ ඉණවටේ අතක් දාගෙන හිටගෙන ඉන්න යිබෝව දැක්කම ජාන්ට මතක් වුනේ අවුරුදු ගානකට කලින් මේ තැනේදිම මේ විදිහට යිබෝ එක්ක එයා හිටපු විදිහ.. ඒත් අද එයා වෙනුවට එතන ඉන්නේ වෙන කෙනෙක්..

කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනව.. මිනිස්සු විතරක් නෙමෙයි හැමදේම වෙනස් වෙනව..අද හුස්ම ගන්න මනුස්සයගේ හුස්ම හෙට නවතින්න පුලුවන්.. අද සතුටින් හිනා වෙලා ඉන්න ලස්සන පවුලක් හෙට කෑලි කෑලිවලට කැඩිලා යන්න පුලුවන්.. අද ලගින්ම ඉන්න හොදම යාලුවෝ හෙට අපිට පිටුපාලා යන වෛරක්කාරයො වෙන්න පුලුවන්..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Donde viven las historias. Descúbrelo ahora