🐱 Chapter 08 🐱

1.5K 348 37
                                    

Xiao Zhan's P.O.V

සති තුනක් ගෙවිලා ගියේ ඇස් පිය ගහන වේගෙට..මේ සති තුනටම වුන හොද වැඩේ නම් මගේ ජොබ් එක තාම ගහලා නොගිය එක..දවස තිස්සෙම බැනුම් ඇහුවත් උන් මාව තියාගත්තා..

සතියේ මට නිවාඩුවක් තිබ්බේ සෙනසුරාදා විතරයි..අනිත් හැම දවසකම හරකා වගේ මම වැඩ..එලවලු කපනවා ,පිටි අනනවා , බැටර් හදනවා , ඩිෂ් වොශ් කරනවා ,ක්ලීනින් කරනවා ඔය ඔක්කොම අස්සේ අර මූලග්ගිනි කාරයගෙන් බැනුනුත් අහනව..

ඒ මිනිහා ගැන කතා කරලා වැඩක් නැහැ..වැඩට ඇවිත් සති දෙකක් නැහැ මේ වනතුරු මගේ නම කියලා කතා කරලා නැහැ...කියන්නේම උබ බන් නැත්තම් අයිසේ , ඕයි..වැඩට ආවා හැම දවසකම මේ මිනිහා මාව දණගැස්සුවා..දැන් දණිස් දෙක කලු වෙලා දණගහන් ඉදලම...

එයා හරි අමුතු මනුස්සයෙක්...කැෆේ එකෙත් හොදින් කතා කරන්නේ ලූයි , චෙන් යූ එක්කයි විතරයි..මට කෑගැහන්න කතා කලත් අනිත් වැඩ කරන එකෙක් එක්කවත් එයා කතා කරනවා මම දැකලා නැහැ...දවල්ට ලන්ච් එක වුනත් මේ මිනිහා ගන්නේ තනියම...හැසිරෙන්නේ හැගීම් දැනීම් නැති රෝබෝ කෙනෙක් ගානට..හරි අද්භූත මිනිහෙක්..

" ඇයි බන් චෙෆ් අපිත් එක්ක ලන්ච් එක ගන්නේනැත්තේ..."

" උබට ඕන ලන්ච් එකත් දණගහන් කන්න නම් ගිහින් ඕක චෙෆ් ගෙන්ම අහපන්..."

හිතේ කෑකැරෙමින් තිබ්බ ප්‍රශ්නේ ලන්ච් එක ගන්න වෙලාවේදි හීමිට චෙන් යූගෙන් ඇහුවම ඌ කියනවා බොසාගෙන් අහන්නලු..

' බොසාගෙන් ඕක මුහුනට අහන්න හයියක් තියෙනවනම් මම උබගෙන් අහන්නේ නැහැ නේ... '

" ඇයි උබට එකපාර අපේ චෙෆාගේ කෑම මතක් වුනේ..සත්ව කරුනාව පහල වුනාවත්ද... "

" නැහැ ඉතින් එයා වැඩිය කතා කරන්නේ නැහැ , වැඩිය මිනිස්සු එක්ක ආශ්‍රයක් නැහැ..ටිකක් අමුතුයි..."

චෙන් යූ ඒකට හිනා වුනා..

" උබ මිනිස්සුන්ව හරි ලේසියෙන්ම ජජ් කරනව නේ බන්.. "

" ඇයි මම වැරදිද..."

" අපේ සර්..නැහැ මං කියන්නේ අපේ චෙෆ් ගැන උබ මොනවද දන්නේ...කියපන් බලන්න..."

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now