Author's P.O.V
" ම්.මම..කිව්වා.උබට..කලින්ම..එයාට මේ දේවල් දරාගන්න බැහැ කියල.. එයාට උන දේවල් වල හැටියට එයාට තවත් දරාගන්න බැහැ කියලා මම කිව්ව..!!"
"යිබෝ..සංසුන් වෙයන්... උබ මෙතන එහාටයි මෙහාටයි කෑග ගා ඇවිද්ද කියලා මූට සිහිය එන්නේ නැහැ නේ.."
"සංසුන් වෙන්න..සංසුන් වෙන්නේ කොහොමද යකෝ.. වෙඩින් එක මැද්දේ එයා ඇදගෙන වැටෙන එක මම ඇස් දෙකෙන්ම දැක්කා.. එදා ගිනි ගොඩක් මැද්දේ හිටිය වගේම.. උබ කියපන්..එකම සිද්ධියට දෙපාරක්ම මුහුන දෙන්න වුනාම මම කොහොමද යකෝ සංසුන් වෙන්නේ..ඇත්තමයි ඩෙවෝන්..මගේ එකාට ආයේත් සැරයක් මානසික රෝහලේ කාමරයක් වෙන් වුනොත් ඌටත් සයිනඩ් කවලා මාත් කනව..!"
" මූසල කතා නොකියා හිටපන් යිබෝ.. ! ඩොක්ටර් කිව්වනේ පැනික් ඇටෑක් එකක් විතරයි කියල.."
ඩෙවෝන් මොන දේ කියලා යිබෝව සංසුන් කරන්න උත්සහ කලත් මේ වෙලාවේ එයාව සංසුන් කරන්න පුලුවන් කෙනා දැන් පැයක් තිස්සේ හිටියේ ඇදක් උඩ සේලයි බටේකුත් අතේ ගහගෙන ඇස් පියාගෙන..
එදා ජාන්ට වුන පොරොන්දුව හැටියට මොනාකෝ වලින් යන්න හැදුව යිබෝව ඩෙවෝන් නතර කරගත්තේ ජාන්ව කොහොම හරි යිබෝට යාලු කරලා දෙනව කියන පොරොන්දුව පිට.. ඒකට ඩෙවෝන්ගේ ප්ලෑන් එක වුනේ හේස්ව යිබෝට බන්දලා දෙන එක..හැබැයි ඇත්තටම නෙමෙයි ජාන්ට පේන්න බොරුවට..
හේස් කියන්නේ ඩෙවෝන්ගේ වගේම ජේක්ගෙත් හොද යාලුවෙක්.. ඉතින් යිබෝට තියෙන ප්‍රශ්නේ හේස්ට කිව්වව යිබෝට උදව් කරන්න හේස්ව කැමති කරගන්න අමාරු වුනේ නැහැ..
ඉතින් ඒ කතා කරගත්ත විදිහට ජාන්ගේ කැෆේ එකේ ප්‍රෝපොස් කරපු තැනේ ඉදන් එයාලගේ වෙඩින් එක දවස වෙනකන් හැමදේම ගානට ප්ලෑන් කරපු විදිහටම සිද්ද වුනා..එයාලට ඕන වුනේ යිබෝ හේස් එක්ක ඉන්නව දැක්කම ජාන්ගේ හිතේ ඊරිසියාව ඇති කරන්න.. ජාන්ගේ කටින්ම ආදරෙයි කියලා කියවගන්න... ඒකයි හේස්ව ජාන්ව ඉස්සරහට එක්කගෙන ගිය හැමවතාවෙම යිබෝ ජාන් ලගට ගිහින් දුකද කියලා ඇහුවේ.. තව පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක ඇවිස්සුවේ..
ඒත් කොච්චර දුක වුනත් කොහොම ඇඩුවා වුනත් ජාන්ගේ තිබ්බ මුරණ්ඩුකමටම එයා ඒ කවදාවත් යිබෝට ආදරෙයි කියලා පිලිගත්තේ නැහැ.. යිබෝට හේස්ව බදින්න එපා කියලා කිව්වේත් නැහැ..ජාන්ගේ තිබ්බ මුරණ්ඩුකම බස්සන්න අන්තිමට එයාලට යිබෝටයි හේස්ටයි වෙඩින් එකක් පවා ඇරේන්ජ් කරන්න වුනා.. එයලගේ අන්තිම ප්ලෑන් එක වුනෙ හේසුයි යිබෝයි wedding arch එකේ ඉන්නව දැක්කවමත් ජාන් ඒ කසාදෙට විරුද්ධ වෙයි කියන එක.. ඒකත් හරි ගියේ නැත්තම් හොදින් නැත්තම් නරකින් කියලා බලෙන් හරි බදින එක..
DU LIEST GERADE
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚