Xiao Zhan's P.O.V
ඔලුවේ නහරක් පුපුරන්න වගේ...කැක්කුම...ඇස් දෙක ඇරන් ඉන්න බැරි තරමට අමාරුයි..ඉරුණු කලිසමට යටින් ලේලි ගියපු කකුලේ ලේ රතු පාටට ගල් වෙලා..අඹරපු අත හරවන්නවත් බැහැ වේදනා දෙනවා..
ඒත් මට ඔය එකක් ගැන ගානක් තිබ්බේ නැහැ..මම හිතුවෙම අන්තිම මොහොතේ මගේ ඇස් ඉස්සරහට ආව ජුන් ගැන..
එහෙමත් නැත්තම් ලියාන් ගැන..!
මාස පහක් පුරාවට දකින්න පෙරුම් පෙරුව රුව..ඇස් දෙකෙන් දැකගන්න ඔන්න මෙන්න තිබ්බ රුව..එකපාරටම හිතුව නැති තැනක හිතුවේ නැති මොහොතක මතු වෙනකොට මම කොහොම විශ්වාස කරන්නද..
ඒකත් ලියාන්..!
ආදරේ ගැන එක නූල් පොටක විශ්වාසයක් නැහැ කිව්ව කෙනා මට ආදරේ කලා කිව්වම...හැමදේම සෙල්ලමකට විතරක් ගන්න කෙනා මං ගැන හොයලා බලලා මං ලගින් හිටිය කිව්වම.. ආදරේ කරන්න වෙලාවක් නැහැ කිව්ව කෙනා රෑ එලි වෙනකන් මගේ හිතම පුරවන තරමේ ආදර වදන් තෙපලුවා කිව්වම කොහොමද මම විශ්වාස කරන්නේ...
ජුන්ට කෝල් කරනකොට ලියාන් එතනට ආවේ රින්ග්ස් යන ෆෝන් එකත් අරගෙන..මුලින්ම රට යනවයි කිව්ව ලියාන්ව මෙහෙදි දකිද්දි දැනුන ෂොක් එක දසගුණයකින් වැඩි වුනේ මගේ නම්බර් එකෙන් රින්ග් යන ලියාන්ගේ අතේ තිබ්බ ෆෝන් එක දැකලා..
එයා කිව්වේ එයාලු ජුන්.. එයාලු මට මෙච්චර කල් ජුන් විදිහට කතා කලේ.. මගේ ඉස්සරහට ජුන් විදිහට නාවේ මම එයාව අදුනගනි කියලලු..
එයාට කියන්න පුලුවන් වුනේ එච්චරයි...අධිරාජ්‍යයා පිනාට නොදැවෙනි වෙන්න කම්මුල් පහරහක් ලියාන්ට දීල බැනගෙන බැනගෙන ගියේ පවුල විනාශ කරනවා කියලා..මාව ආයේ හම්බෙන එකත් ලියාන්ට තහනම් කලා..
එතන හිටපු හැමෝම ලියාන්ට සැලකුවේ හරියට ලගින්ම දන්න කෙනෙක් වගේ...
මට ඕන වුනා ලියාන් එක්ක කතා කරන්න...ඇයි එහෙම දෙයක් කලේ කියලා අහන්න..ඇත්තටම එයා මගේ ජුන්මද කියලා අහන්න..එදා මෝල් එකට ඇවිත් ඇයි මගේ ඉස්සරහට ජුන් විදිහට නාවේ කියලා අහන්න..මගේ ආසාවට චොකලට් එවන්නම් කියලා ඒ දවස ඇතුලට චොකලට් පෙට්ටියක්ම එව්වේ ඔයාමද කියලා අහන්න..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚