🐱 Chapter 63 🐱

1.3K 316 88
                                    

Xiao Zhan's P.O.V


හොස්පිටල් ඇඩ්මිට් කරලත් පැය ගානක් යනකන් මට සිහිය ඇවිත් නැහැ.. මරන්න ආපු කෙල්ලගේ ඉලක්කය වෙලා තියෙන්නේ එක පාර මැරෙන්නම මට පිහියෙන් අනින්න වුනාට මගේ වෙලාවට මම පිටිපස්සට හැරුනා.. ඒකලු පොඩි ඔපරේෂන් එකකින් විතරක් හැමදේම විසදගන්න පුලුවන් වුනේ..

මහ ලොකු රෝයල් ෆැමිලියේ එකෙක් නෙමෙයි මැරෙන්න වැටිලා ඉන්න මාව බලන්න ආවේ.. සැරෙන් සැරේ චෙක් කරන්න ආව ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි හැරෙන්න එකෙක් ආවේ නැහැ මාව බලන්න..අඩුම පණ දාගෙන මම ආදරේ කරන ජුන් එයාවත් ආවේ නැහැ මාව බලන්න.. මැරෙන්න යන මොහොතෙත් මට මතක් වුනේ එයාව වුනත් එයාට නම් මම මැරුනත් ගානක් නැහැ වගේ..

'  බොරු ආදරේ..'

"ඌගේ ඇගේම බොරුව.. මුහුනට ආදරෙයි කියන්න බැරි කොන්ද පන නැති මිනිහා..!ලගින් ඉන්නවා..ආරක්ෂා කරනවා කිව්වට මැරෙන්න වැටිලා ඉන්නකොට කොහෙද ඌ.. !මේ ඔක්කොමටම හේතුව ඌ.. පැත්තක ජිවත් වුන මාව අවුල් ජාලාවක් මැදට ඇදලා දාලා ඌ මුකුත් වුනේ නැහැ වගේ ඉන්නවා.. කිසි හැගීමක් දැනීමක් නැති අමනුස්සයා..!"

කාත් කවුරුවත් නැති හොස්පිටල් රූම් එකේ සුදු පාට සිවිලිම බලන් කේන්තියෙන් බැනගෙන බැනගෙන ගිය මම ඊලග මොහොතේ අඩන්න ගත්‍තා..

මිනිස්සු ඔක්කොම එකතු වෙලා මගෙන් ප්‍රයෝජන ගත්තට මටයි කියලා කවුරුවත් නැහැ කියලා දැනෙනකොට මට දැනුනේ පුදුම අසරණ කමක්.. කෑගහලා බදාගෙන අඩන්න ඕන වුන වෙලාවට මං වෙනුවෙන් උරහිසක් නැහැ කියලා තේරෙනකොට හිතට දැනෙන හැගීම උහුලගන්න බැහැ දෙයියනේ..  අනේ මට කාව හරි ඕන.. මං වෙනුවෙන් ලග ඉන්න පුලුවන්.. හිත හදන්න වචනයක් හරි කියන්න කෙනෙක් ඕන.. මෙච්චර අසරණ කරන්න ඇයි දෙයියනේ මම ඉපදුනේ..මේ තරම් මාව බරක් නම් බඩේ ඉද්දිම තාත්තා වෙනුවට මාව අරගන්න තිබ්බනේ.. එහෙම වුනා නම් මං මූසලයෙක් නොවෙන්න තිබ්බා.. කාලගවත් ආදරේ හිගානොකා ඉන්න තිබුන.. එක එකාට මාව මරාගෙන කන්න ඕන නොවෙන්න තිබ්බ..

'ඇයි මටම මෙහෙම වෙන්නේ..'



මට හොස්පිටල් ඉන්න පුලුවන් වුනේ දවසයි..මගේ ජීවිතේට මරණ තර්ජන තියෙන නිසා හොස්පිටල් ඉන්නවට වඩා මාලිගාවේ ඉන්න එක ආරක්ෂිතයි කියලා ගහන් ඉන්න සේලයින් පිටින්ම මාලිගාවට ගෙනවා..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Tempat cerita menjadi hidup. Temukan sekarang