🐱 Chapter 46 🐱

1.2K 297 41
                                    

Xiao Zhan's P.O.V

" මොනාකො.. උබ දැන් කියන්නේ අපි මොනාකෝ යනව කියලද..."

" දැන් නෙමෙයි මම පැයක ඉදන් කියන්නේ අද රෑ අධිරාජ්‍යයයි , යිබෝයි , උබයි මමයි , ලූලූයි , තව පස් දෙනෙක් එන්න මොනාකො යනවා කියලා.. එහෙම එකේ ඇයි බන් ගිරවෙක් වගේ එකම කියවන්නේ..."

" බැහැ..මට බැහැ.. මම නම් කීයටවත් ඔය ගමන යන්නේ නැහැ ...මගෙන් අහන්නෙවත් නැතුව එහෙම කොහොමද එයාලා හිතුන හිතුන තැන් වල මාව ඇදගෙන යන්නේ.. "

" ඇයි උදේ උබට අධිරාජ්‍යයා එන්න කියලා කිව්වේ ඔය ගැන නෙමෙයිද... "

" අධිරාජ්‍යයා මගෙන් ඇහුවේ නැහැ අණ දුන්නා මිසක්... "

අද උදේ අධිරාජ්‍යයා මුනගැහෙන්න එන්න කියලා මොනාකො කියලා මම ජිවිතේට අහලා නැති රටක නමක් කියලා එහේ ඉන්න එයලගෙ client ල වගයක් ගැන කියෙව්වා.. එතකොට දැන් චෙන් යූ ඇවිත් මට කියනවා අද රෑම අපි යනවලු.. මේ එක මිනිහෙක්වත් මගේ ජිවිතේ තීරණ ගන්න කවදාවත් මගේ කැමැත්ත අකමැත්ත ඇහුවේ නැහැ..

" ඇයි...උබෙන් ඇහුවා කියලා උබට පුලුවන්ද බැහැ කියන්න.."

ඇත්ත මං අනුන්ගේ අතේ නැටවෙන රූකඩයක් විතරයිනේ...

මම ඔලුවට අත තියන් ඇද අයිනේ ඉදන් ඉන්නකොට චෙන් යූ මගේ කරට අත දාගෙන මගේ ලගම ඉදගත්තා...

" ජාන් මේ අහපන්.. මම දන්නවා මේ වෙන හැමදේම සිද්ද වෙන්නේ උබේ කැමැත්තට පිටින් කියලා.. උදේ ගිහින් රෑ වෙලා බෝඩිමට යන ජොබ් එකක් කරන් පාඩුවේ ජිවිත් උන උබව මේ විසාල මාලිගාවල් වල සත්තු අස්සට වැටුනේ උබේ උවමනාවෙන් නොව්න වුනත් උබට දැන් උන් එක්කම ජිවත් වෙන්න වෙනවා හැර වෙන විසදුමක් නැහැ .. තව ටික දවසක් උබ ඔය ඉවසන් හිටපු විදිහටම ඉදහන්.. හැමදේම හරියයි... "

" ඇයි මාව බේරෙගන්න සුපර් හීරෝ කෙනෙක් එනවද.. "

මම සමච්චලේට එහෙම අහනකොට  හිනා වෙලා මගේ කොන්ඩේ අවුල් කරපු චෙන් යූ යන්න නැගිට්ටා..

"  දහයට ඩ්‍රෙස් එක අරන් කට්ටිය එයි.. ඊට කලින් ටිකක් නිදා ගනින්.."

" ආ..ඒක නෙමෙයි මට ඇදුම් පැක් කරගන්න සූට් කේස් එකක් එවන්න කියහන්... !"

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now