🐱 Chapter 69 🐱

1.1K 284 39
                                    

Xiao Zhan's P.O.V

රැල්ල වෙරල මුනගැහෙන්න පින් කරලා තිබ්බට වෙරල ලග හැමදාකම රැදෙන්න පින් කරලා නැහැ.. හරියට අපි දෙන්නට වගේ.. කුමාරයෙක් වුනත් එයාව මුනගැහෙන්න මං සංසාරේ කොහෙම හෝ තැනක පිනක්  කරලා ඇති.. නැත්තම් හිතන්නකෝ මේ නිකමෙක් වෙච්ච මට කුමාරයෙක් හම්බවෙයිද.. ඒත් මගේ ආදරේ අහිමි වෙන්නත් මම මොකක්ම හරි පවක් කරලා ඇති..

මුනගැහෙන්න පිං කලාට හිමි වෙන්න පින මදි වෙලා..

දන්නවද මිනිස්සුන්ට ගොඩක්ම දුක ලං වෙන්නවත් බැරි හීන බොදවුනාම නෙමෙයි.. හැබෑවෙන්න ඔන්න මෙන්න ඇස් මානයේ තිබුන හීන බිදිලා ගියාම..

අපිට කවදාවත් හැබෑ කරගන්න බැරි දුරක තියෙන හීන වලට අපි කැමති වුනත් අපේ යටි හිතේ කොනක තියෙනවා අර හීන හැබෑ කරගන්න බැරි තරම් අපිට දුරයි කියලා.. එතකොට දුකක් දැනුනත් මුල ඉදන්ම මේ දේ මෙහෙම වෙයි කියලා අපි අපේක්ෂා කරන හින්දා හිත හදාගන්න පොඩ්ඩක් ලේසියි...

ඒත් ඔන්න මෙන්න හැබෑ වෙන්න තිබුන හීන ඇස් ඉස්සරහ බිදිලා යනකොට...ඒක හරියට අතට ගත්ත දේ කටට දාගන්න බැරි වුනා වගේ වැඩක්..

ඒ හැගීම විස්තර කරන්න
බැහැ...හිතත් කෑලි කෑලි වලට බිදිලා යන්නේ හීන වගේමයි..

මටත් වුනේ අන්න ඒ ජාතියේ වැඩක්..

ඔව් ජුන් මට ලං වෙන්නවත් බැරි හීනයක් තමයි.. ඒත් මං වගේම එයත් මට ආදරේ කලා.. කුමාරයා විදිහට නැත්තත් සාමාන්‍යය කෙනෙක් විදිහට මට කතා කරනකොට ජුන් මං ගාව හැමදාම පොරොන්දු වුනා..

එහෙම තියෙද්දි කොහොමද මම වාවන්නේ..

එයා කොරියා ගිහිනුත් දැන් සති එකාහමාරක් වෙනව..
මේ සති එකහමාරම මම හිටියෙම මගේ කාමරේට වෙලා හිර වෙලා.. හිරකරන් කවුරුත් නන්‍යැන් වල හිටියේ නැත්තත් මම හිටියේ මාවම හිර කරන්.. අධිරාජ්‍යයා මාලිගාවේ නැති නිසා ඕන තැනක යන්න මට අවසර තිබ්බත් මට යන්න ඕන වුනේ නැහැ..

කොටින්ම මේ සති එකහමාරේ මගේ වටේ වෙන කිසිම දෙයක් ගැන මට ආසාවක් තිබ්බේ නැහැ.. ඔරලෝසුවේ කටු කැරකෙනවා හැබැයි මම තාමත් හිටිය තැනමයි.. හිටිය විදිහමයි.. කැඩිලා.. බිදිලා.. ආයේ එකතු කරන්න බැරි විදිහට..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Où les histoires vivent. Découvrez maintenant