🐱 Chapter 54 🐱

1.2K 298 68
                                    

Xiao Zhan's P.O.V

පූල් එකේදි ඇයි එහෙම හැසිරුනේ  කියලා අහන්වා තියා පූල් එකෙන් එලියට ආවට පස්සේ මම එයා දිහා බැලුවෙවත් නැහැ .. පුලුවන් තරම් මගහැරියා..බඩ බොලු කැලතිලා ඇග ඇතුලේ ලැව් ගින්නක් පැතිරිලා යන ෆීලින් එක නැති වුනේම නැහැ.. පිස්සු නටන හාට් බීට් එක සාමාන්‍යය තත්වෙට ආවේම නැහැ... මට එයාගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි වුනා.. හරි අමුතු ලැජ්ජවක් දැනුනා..

ඒකමයි ඩිනර් එකෙන් පස්සේ එයාව මගහරින්න කියලා හිතාගෙන Netflix එකේ ෆිල්ම් එකක් දාගත්තේ..

Better days  මම ආසම ඇක්ටර් කෙනෙක්ගේ ෆිල්ම් එකක්.. කලින් බලලා තියෙනවා වුනත් කාලේ යවාගන්න ආයේ ආයේ වුනත් බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්..

ෆිල්ම් එකේ මුල් පැය යනකන් කිසි අවුලක් නැතුව මම බෙඩ් සෝෆා  එකේ සැපපහසුව ඉදගෙන ෆ්ට් ප්ලේට් එකයි ජූස් ටින් තුනකුයි ලගට කරන් ෆිල්ම් එක බැලුවා..

ඒත් එලියට ගිහින් හිටිය පිනා ආයේ රූම් එකට ඇවිත් ටිවී බලන්න ඉදගත්තම අර කලින් තිබ්බ සැපපහසුව යන්න ගිහින් මම නොසන්සුන් වෙන්න ගත්ත..

එයා ඉදගත්තේ මං ඉදන් හිටිපු සෝෆා එකේම නෙමෙයි එහා පැත්තේ තිබ්බ තනි පුටුවේ.. ටීවි එක දිහා කෙලින් බලන් හිටියත් ඇස් කොනෙන් මට එයාව පේනවා..කකුලක් උඩට කකුලක් දාන් එයා ඉන්නේ මගේ දිහා බලන්.. ඒත් මම නම් නෙමෙයි වැරදිලාවත් එයා දිහා බැලුවේ...

ෆිල්ම් එකේ සද්දේ විතරයි වෙන කිසිම සද්දයක් නැහැ..මමත් බලන් හිටියට අවදානෙ තිබ්බේ වෙන කොහෙවත්.. ඒ නිහඩකම තව ටිකක් මාව අවුල් කරනවා..

මට ඕන වුනා එයව කතාවකට ඇදලා අරන් ඒ තියෙන අපහසු නිශ්ශබ්ද බව බිදලා දාන්න.. ඒත් ඉතින් මම කියලා මොනවා අහන්නද..ඊයේ රෑ වුන සිද්ධිය ගැන කෙල බිදක් හැලුවොත් මගේ දිව කපලා අතට දෙනවා කිව්වා ජිවිතේ කාලේම ගොලු වෙන්න කියලා මට තර්ජනේ කලා.. ඒක හින්දා ඒක අහන්න බැහැ..අතේ තිබ්බ තුවාලේ ගැන අහන්නත් බැහැ දැන් බැන්ඩේජ් එක ගලවා හින්ද.. කොහොමත් කට ඇරියොත් මොනවා මගේ කටින් පිට වෙයිද කියලා මම බයේ හිටියේ..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Onde histórias criam vida. Descubra agora