Xiao Zhan's P.O.V
' ආදරේ කියලා දෙයක් මේ ලොකේ නැහැ...'
' ප්‍රමාදය පසු තැවීමට හේතුවලු... '
එකෙක් දවල් ඔලුව කෑවා අනිත් එකා රෑ ඔලුව මඤ්ඤන් කලා..දෙන්නම එකතු වෙලා මගේ නින්ද නැති කලා...
මමම පිලිගන්න අකමැති වුන ඇත්ත ලියාන්ගේ වචනත් එක්ක හිතට වද දෙනකොට ජුන් ඉස්සරහ මම ඒක පිලිගත්තා..
' මම මගේ පිනාට ආදරෙයි...'
ඊයේ රෑ පුරාම මම හිටියේ අඩ නින්දේ..පිනාට කොහොමද ඒ ගැන කියනේ කොටින්ම කිව්වොත් පිනයි මමයි කසාද බදින විදිහ පවා එක රැයට මම හීන මැව්වා..
එයාගේ අතේ එල්ලිලා ඩේට් එකකට යන විදිහ...අපි දෙන්නම හිනා වෙවි අපේ ඇනිවසරි එකට කේක් එක ඩෙකරේට් කරන එක... එයා අයිසින් පොඩ්ඩක් මගේ මුහුනේ ගහලා හයියෙන් හිනා වෙන එක... සෙනග ගොඩක් ඉස්සරහ එයා මගේ ලග දණගහන් ජිවිතේ කාලේම එයත් එක්ක ඉන්න කියලා මට ප්‍රෝපොස් කරන විදිහ... අන්තිමට ලස්සන වෙඩින් එකක් අරගෙන මම සදහටම එයාගේ වෙන එක ගැන එක එක වෙලාවට මට එක එක හීන පෙනුනා..
හැබැයි ඒ හැම හිනේකම මෙච්චර කාලේකට මගේ මුහුනේ නොතිබුන හිනාවක් තිබුනා...අනිත් දේවල් අපැහැදිලි වුනාට ඒ හැම හිනේකම මම හිටියේ ගොඩක් සතුටින්...
අපි හිටියේ ගොඩාරියක් සතුටින්..
අද උදේට කන්න මට බඩගින්නකුත් නැති වෙන තරමටම මගේ හිත පිරිලා තිබ්බේ..වෙනදට මොන හෙන ගෙඩිය ඔලුවට කඩන් පාත් වෙයිද කියලා බයෙන් එලියට අඩිය තියන මම දෙපාරක්ම කකුල් පැටලිලා වැටෙන්න ගියත් ඒක ගැන මට ගානක්වත් නැතුවගියේ මට විගහට කැෆේ එකට යන්න තිබ්බ වුවමනාවට...
" මොකද බන් ඔය ඇස් කලුවෙලා...මුලු රෑම ඇහැරන් උබ ජිලක් බැලුවද.."
කැෆේ එකට ආව ගමන් මාව පිලිගත්තේ චෙන් යූ..
" නැහැ ඇට පැලුවා..මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටහන්... "
" ඒක කියන්න බැහැ... කවුද දන්නේ උබ පිටි කොටන්න අකමැතිද කියලා... "
ඒකට මම ගොලු වුනා.. හිතේ තිබ්බ දේවලුත් එක්ක ඌ කිව්ව කතාවට හිතට දැනුනේ අමුතු ලැජ්ජාවක්...
VOCÊ ESTÁ LENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚