Xiao Zhan's P.O.V
" මොන මගුලක්ද ෂීයා..!"
ඇයි යකෝ නිකන් ඉන්න මට කම්මුලට ගහන්න..
" වනචරයා.. හොදයි කියලා හිතන් හිටියට තමුන්ගෙයි ඉයුන්ගෙයි වැඩි වෙනසක් නැහැ..ආවේ කුමාරයට ආදරේ කියාගෙන වුනාට වෙන එවුන්ගේ ඇගේ එල්ලෙන්න එනව..!"
පාඩුවේ ඇවිදගෙන ගිය මාව නවත්තලා කන රත්වෙන්න පහරක් ගැහුවා මදිවට වනචරයා කියලා චෝදනා කරනවත් එක්ක.. ඒත් මොනවටද බනින්නේ කියලවත් මම දන්නේ නැහැ.. මේකේ එවුන්ට මොනව වෙලාද මන්ද.. මුන් ඔක්කොම දන්නේ කෙලින් කතා නොකර බහු බූත කියවන්න විතරයි..!
" කියන දෙයක් තේරෙන්න කියනවා ෂියා.. කාගේ ඇගේද මම එල්ලෙන්න ගියේ.. ?"
" කිව්වෙනම් කොහොමද කුමාරයාට ආදරෙයි කියලා ඒත් කුමාරයා ගියා විතරයි මගේ යුන්ව බදාගෙන.. තමුසෙයි ඉයුනුයි දෙන්නම එකයි.."
" ඔහ්..පොඩ්ඩක් ඉන්න මගේ යුන්..?"
ෂියා මගේ යුන් කියනකොට ඉවෙන් කොනෙන් මට වුන දේ තේරෙනකොට මට මතක් වුනේ එදා ෂුංහුවා මාලිගාවේ ජුන්ගේ පාටි එකේදි ෂියාව දැක්ක එක.. එකත් ලියාන් එක්ක..
මගේ ඇස් ලොකු වුනා..
" එ..තකොට..ඔයයි..ලියානුයි..ආදරේ කරනව.."
" ඔව්..මිනිහෝ..අපි ආදරේ කරනව තමයි.. එයාට තමයි මම ආදරේ කරන්නේ.. වදින්නම් එයාගෙන් ඈත් වෙලා ඉන්න.. "
ෂියා කෑගගා මගේ ලග අඩා වැටෙනකොට මම කෙල්ලගෙ අත අල්ලගත්තා..
" මගෙයි ලියාන්ගෙයි අතරේ ඔයා හිතන විදිහේ සම්බන්ධයක් නැහැ ෂියා.."
" ඒත් මම දැක්කා ඔයා එයාව හග් කරන් ඉන්නව.. "
එහෙනම් ඒක තමයි මගේ කම්මුල රත් වෙන්න හේතුව... ලියාන් මාව හග් කරන එක ෂියා දැකලා..
ලොකු හුස්මක් පිට කරපු මම එතනම තිබ්බ පඩියක ඉදගත්තේ ජුන් , ලියාන් , මම ගැන මුල ඉදන්ම කියන්න තියෙන විස්තරේ ටිකක් දිග හින්ද..
මම ජුන්ව, ලියාන්ව මීට් වුන විදිහ..මම චෙෆ්ට ආදරේ කරන්න ගත්ත විදිහ චෙෆ් ජුන් විදිහට මට කතා කරපු විදිහ ලියාන් මාව ජුන් විදිහට බේරෙගත්ත විදිහ හැමදේම මම ෂියාට කිව්වා..එක දෙයක් හැර..ඒ අද ලියාන් මට ආදරෙයි කිව්ව දේ හැර.. මොකද මොන විස්තරේ මම දැන් කිව්වත් වැඩක් නැහැ ෂියාට දැනගන්න ඕන මගෙයි ලියාන්ගෙයි සම්බන්දේ මොකක්ද කියලා විතරයි.. ලියාන් මගේ පස්සෙන් එනවා කිව්වත් සමහර විට ෂියා ඒක විශ්වාස කරන එකක් නැති වෙයි කියලා මට හිතුනා...ඒක නිසා මම ඒක ගැන ෂියාට කිව්වේ නැහැ..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚