Xiao Zhan's P.O.V
කියන්න සතුටුයි ප්රේක්ෂක ජනතාවනි ඒ මෝඩ කුමාරයා මේ වතාවේ එයාගේ පොරොන්දුව පණ මෙන් රැක්කා.. ඒ කියන්නේ මේ වතාවේ මම පැරදුනා..!
හැබැයි මම පැරදුන එක ගැන එයාටත් වඩා සතුටු වුනේ මම.. මොකද තවදුරටත් පොරොන්දු කඩ වුන ආදරවන්තයෙක් වෙන්න වුනේ නැති නිසා..
අවුරුද්දකට කලින් මොනාකෝ එයාර් පොර්ට් එකේදි එයාට ආයේ වතාවක් අවස්ථාවක් දෙන්න කැමතියි කියල මට කිව්වත් වැඩිම වුනොත් විනාඩි දහයකට වඩා අපිට ඒ සතුට සමරන්න බැරි වුන..ෆ්ලයිට් එකට පරක්කු වෙනව කියලා අපි දෙන්නගේ ෆිල්ම් එක ටිකට් නැතිව බලන් හිටිය ඩෙවෝන් කෑ ගැහුව..
එතකොට ඉතින් කෝටි ගානක ලොතරැයික් හැදිලා වගේ සතුටින් හිටිය මගේ ආදරවන්තයා හැදුවේ මාවත් එක්කගෙනම චයිනා යන්න..ඒ ෆ්ලයිට් එකේ නොයා මටත් ටිකට්ස් දාලා චයිනා ඇදන් යන්න..
ඒවා කොහෙද මාත් එක්ක.. මගේ පූසිවත් යවන් නැහැ ඔය මූසල රටට..
මට ලැබුන දේවල් වලට වඩා තිබුන ඒ රටට ආයේ යන්න මම කැමති වුනේ නැහැ.. මාව පහත් කරලා මට තලලා පෙලලා සතුටු වුන මිනිස් වෙස් ගත්ත අමුනුස්සයෝ කොටසක් හැරෙන්න මාව පවුලේ කියලා සලකපු නෑයෙක්වත් මටයි කියලා යාලුවෙක්වත් ඒ රටේ හිටියේ නැහැ..
ඒ දේවල් ගැන අකුරක් නෑරම දන්න මගේ කුමාරයාට මම චයිනා එන්න අකමැති හේතුව ඉතින් ඇගිල්ලෙන් ඇන ඇන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තිබ්බේ නැහැ..
ඒක හින්දා එදා මාව දාලා තනියම චයිනා යන්න එයා කැමති වුනා.. ( ඇත්තටම කැමති වුනේ නැහැ.. ගියේ නැත්තම් ආපහු මම දාලා යනවා කියලා තර්ජනය කරපු හින්දා කැමති වුනා.. හී.හී..)
එහෙම කියලා එලවපු මගේ ඔටුන්න අහිමි කුමාරයාව දැකලා දැන් අවුරුද්දකුත් පහු වෙලා..හ්ම්ක්..
ඒත් ඒ මිනිහව එලවන්න තිබ්බ අමාරුවට වඩා හපන් මේ මිනිහව මෙහෙට ගෙන්න ගන්න තියෙන අමාරුව..
ගිය දවසේ ඉදන් පැය ගනන් මල් කැඩුවා රෑ එලි වෙනකන් විඩියෝ කෝල්ස් ගත්තට මේ මිනිහා මාව බලන්න නිකමටවත් නෙමෙයි මොනාකෝ ආවේ..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚