🐱 Chapter 55 🐱

1.2K 296 51
                                    

Xiao Zhan's P.O.V

ඊලග දවසේ මම බලාපොරොත්තුවෙන් හිටිය සුභ ආරංචිය ආවා..project එක පිනාගේ කම්පැනි එකට ලැබිලා..!

මගේ බෙල්ල ගහලා යන එකෙන් මාව බේරුන කියන සුභාරංචිය පිනා කිව්වේ මගේ බෙල්ල බදාගෙන හාදුවකුත් දීලා..මාත් සතුටින් හිටිය හින්දා මුකුත් කිව්වේ නැහැ..

Project එක ලැබුන දවසට පහුවෙනිද සතුට සමරන්න අධිරාජ්‍යයා ඩෙවෝන්ටයි ජේක් ටයි ලන්ච් එකට ඉන්වයිට් කලා.. අපි හිටිය හොටෙල් එකෙ..ඇත්තමට වුනේ උන් දෙන්නගේ හොටලෙන් උන්දෙන්නටම කන්න දුන්නු එක..

ඩෙවෝන් නම් කිව්වේ අපිට project එක හම්බවෙන්න හේතුව මාත් එක්ක ඩෙවෝන්ගේ තියෙන යාලු කම නෙමෙයිලු.. පිනා ඉදිරිපත් කරපු Business proposal එකටලු කැමති වුනේ.. ඒකෙන් දෙගොල්ලෝටම උපරිම වාසි හම්වෙනව කිව්වේ.. ඒත් එයාට ඒ දෙගොල්ලෝන්ගේ project එකට වඩා මාව වටිනවලු.. අපේ රටේ අය මෙහෙදි කොච්චර හම්බුනත් මම ඒ අය වගේ නෙමෙයිලු හරි අවංකයිලු..රහට කෑමත් හදනවලු.. ඒවා කියනකොට නම් මට ටිකක් ලැජ්ජත් හිතුන..

හැබැයි බලන්න තිබුනේ මගේ හොද කියනකොට අධිරාජ්‍යයගේ මුහුන..බෙරි වෙච්චි කොස් හට්ටියක් වගේ..මං ගැන කියපු හැම එකකටම හිනා වෙවි ඔලුව වැනුවා හැරෙන්න වචනයක් කිව්වේ නැහැ.. ඉවසන් ඉන්න බැරුව ඇති නාකියට...හොද වැඩේ..

ඊටත් වඩා මිනිහා අවුල් ගියේ ඩෙවෝන් මටයි පිනාටයි ගිෆ්‍ට් එකක් විදිහට Yacht ඩිනර් අවුට් එකක් ප්ලෑන් කරලා කිව්වම.. නාකි මයිනට දුක ඇති මරණවා කිව්ව එකත් එක්ක මුනුපුරාව තනියෙන් යවන්න.. ඒත් ඉතින් මිනිහ කියලා මොනා කරම්නද.. මෙච්චර කල් කෙරුවේ බොරුවක් කියලා කියන්ද.. බැහැ නේ..අන්තිමට ඩෙවෝන් යන්න ගියේ අපි දෙන්නගෙ වෙඩින් එකට අනිවාර්යයෙන්ම චයිනා එනවා කියලා අධිරාජ්‍යයාට පොරොන්දු වෙලා.. බකස් ගාලා එලියට පනින්න ආව හිනාව මම හිරකරන් හිටියේ බොහොම අමාරුවෙන්..






සල්ලිකාරයෝයි ,Casino හැරුනම මොනාකො ගොඩක්ම ප්‍රසිද්ධ විදිහේ ships , Yacht parties වලට.. මොනාකොවල සල්ලිකාරයෝ බහුතරයකට තමන්ගෙම කියලා private yacht තියෙනවා..හරියට අධිරාජ්‍යයාට private jet තියෙනව වගේ..මේකත් ඒ වගේම ඩෙවොන්ට අයිති private yacht එකක්..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Wo Geschichten leben. Entdecke jetzt