Xiao Zhan's P.O.V
ලියාන් කිව්ව දේ මතක් වෙලා ආදරේ නැත්තම් අඩුම ගානේ එක වතාවක්වත් එයා ලග ඉන්න මමම එයාට දවසක් මාත් එක්ක ඉන්න කියලා ඊයේ කතා කලාට ඊටපස්සේ හිටියේම මම හිත ඇතුලෙන් බිත්තර තම්බ තම්බ..
අම්මාගෙන් කියලා ලැබුන හාදුවකින්වත් අපිරිසිදු නොව්න මම මගේ හැමදේම මට ආදරේවත් කරන්නේ නැති කෙනෙක්ට තව පැය ගානකින් දෙනවා කියලා මතක් වුනාම මගේ බඩ පපුව හෝස් ගාලා ගියා..
මට ආදරේ නොකෙරුවාට මම ආදරේ කරන කෙනා කියලා ඒකට හිත හදාගත්තත් හෙට එලි වෙනකොට මොනවා වෙයිද..
මුලු රෑම මං ලග ඉදලා හෙට එලි වෙනකොට නොදන්න එකෙක් වගේ එයා නැගිටලා ගියොත් මම මොනවා කරන්නද...අද රැයෙන් පස්සේ එයාට ආදරෙයි කිය පස්සෙන් එන්නේ නැහැ කියලා පොරොන්දු වුනාට රැයක් ලග ඉදලා ගියායෙන් පස්සේ මම තවත් එයාට පිස්සු වැටෙන එක නෙමෙයිද වෙන්නේ..
ප්‍රශ්න වලදි ලග හිටපු කෙනාට මම දැන්මම මෙහෙම ආදරෙයි නම් හෙටින් පස්සේ මොනවා වෙයිද..
මේක වෙන එකෙක්ගේ ප්‍රශ්නයක් වෙලා මම පිට ඉදන් අදහස් දැක්කුවත් අනිවාර්යයෙන්ම මම කියන්නේ ඌට පිස්සු කියලා..
ඒත් එහෙම කියලා මට හිත හදාගන්න බැහැ...මගේ පලවෙනි ආදරේ ඒ විදිහට අතහරින්න බැහැ..මේ ප්‍රතික්ෂේප වීම භාරගෙන පැත්තකට වෙන්න හිත ඉඩ දෙන්නේ නැහැ...
මොලේ දන්නවා වුනාට මම කරන්නේ වැරැද්දක් කියලා හදවත කැමති නැහැ ඒක පිලිගන්න.. හැමදාම මොලේට ඉඩ දීලා පැත්තකට වෙන හදවත පලවෙනි වතාවට දෙයක් ඉල්ලනකොට ඒ ඉල්ලීම අහක දාන්න තරම් බර වැඩියි..
' කමක් නැහැ..අඩුම තරමේ එයා දැනගනී මගේ ආදරේ තරම...'
වයිට් ෂර්ට් එකට බ්ලැක් ට්‍රවුසර් එකක් ඇදලා හරියටම නමය වෙද්දි මම එයා එව්ව ලොකේෂන් එකට ගියා..
හිතුවා වගේම ඒක හොටෙල් එකක්..
' මම තැනට ආවා..'
එයාට මැසේජ් එකක් දාලා මම ලොබි එකටවත් නොයා එලියට වෙලා හිටියා..ඩිලිවරි දෙන්න මේ වගේ තැන් වලට ඇවිත් තිබුනත් මගේ වැඩකට ආව පලවෙනි වතාව..හිතට නිකන් මොකක්ද වගේ..

ŞİMDİ OKUDUĞUN
Black Cat ( YIZHAN FF ) ✔️✔️
Hayran KurguDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚