🐱 Chapter 09 🐱

1.7K 376 56
                                    

Xiao Zhan's P.O.V

අත් දෙකෙන්ම අල්ලන් හිටිය තට්ටු තුනේ කේක් එකට පින්සිද්ද වෙන්න ඉස්සරහ තියෙන්නේ මොනවද කියලා හරියට පෙනුණේ නැහැ... කෙක් එකත් අරන් එන්න ඕනේ නම් අඩි දහයක් යන්න ඇති...

ඊලග අඩියේදි මම ගෙම්බා පොලවේ ගැහුවා වගේ බිම..

හැමදේම වෙන්න ගත වුනේ තප්පර ගානයි...

කේක් එක බිම වැටිලා විසිරිලා යද්දි ඒ කේක් එකේම වැදුන මගේ මුලු මුහුනේම කේක් නැවීලා ගියා..මෙච්චර වෙලාව තිබ්බ මියුසික් එකක් ඒ වෙනකොට නතර වෙලා තියෙනකොට කටවල් ඇරගෙන ඔක්කොගෙම අවධානේ තිබ්බේ කේක් වලින් නාලා හිටිය මං ලග...

" ඕ...මේ අපේ කලු පූසානේ... "

ඔලුව පහත් කරන් වුනේ මොනාද කල්පනා කරපු මම ඔලුව ඉස්සුවේ හුරුපුරුදු කටහඩකට...

' පෙයි ෂී... '

පෙයි ෂී විතරක් නෙමෙයි ෂාවෝ යුආන් තුන්දෙනාම එතන හිටියා..ෂෝට් ඇදන් අතේ ග්ලාස් තියාගෙන...

" පුදුමයක් නැහැ කේක් එක වට්ටගත්ත එක... මේකගේ අවාසනාව මේ කේක් එක පිටින් ගිහින්...අයියෝ ඇන්ජි ඕඩර් කරන්න කලින් හොයන්න එපැයි කවුද එතන වැඩ කරන්නේ කියලා... "

ෂාවෝගේ මුහුනේ තිබුනේ මවාගත්ත දුකක්...

" You..Fucking Idiot..!! What have you done...! !"

" ඇන්ජිට මේ පාරනම් කේක් කපන්න වෙන්නේ නැහැ...මූ කොහෙද සල්ලි වියදම් කරලා ආයේ කේක් අරන් දෙන්නේ... බෝඩිමේ ෆී එක ගෙවන්නවත් මූ ලග අතේ සතේ නැහැ... "

" නැහැ බන්..මම නම් හිතන්නේ මූ ඕක ඕනකමින්මයි කලේ..කැම්පස් යන වුන් එක්ක මූ කොහොමත් ඇරියස්නේ..."

උපන්දිනකාරි බිම වැටිලා තියෙන කේක් එකයි මගේයි දිහා බල බල යටිගිරියෙන් කෑ ගගා බනිනකොට පෙයි ෂී , ෂාවෝයි එක එක ඒවා කියලා හිනා වෙනවා..උන් දෙන්නා කියන ඒවට එතන ඉන්න වුනුත් හිනා වෙනකොට සමහර එවුන් මාව විඩියෝ කරන්නත් අරගෙන තිබ්බා...

අත දීලා නැගිට්ට්වන්න කවුරුත් ආවේ නැති තැන මම තාමත් හිටියේ බිම..මට දැනුනේ පුදුම ලැජ්ජාවක්..ලැජ්ජාව මට හූල ගන්න බැරුව පපුව හයියෙන් ගැහෙන ගමන් මුලු ඇගෙම වෙව්ලන්න පටන්ගත්තා..ඒ සිය ගනනක් ඇස් ඉස්සරහ මට දැනුනේ නිකන් නිරුවත්ව ඉදන් ඉන්නවා වගේ...කදුලු බින්දු මුහුනේ තිබ්බ අයිසිනුත් දියකරගෙන පහලට එනකොට තවත් එතන ඉන්න බැරි තැන මම නැගිටලා දිව්වා..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now